#newstube

  • නීතියට පයින් ගසා කෝටි 668ක් ණයට බෙදලා

    ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අර්ථසාධක අරමුදලේ රීතිවලට පටහැනිව රුපියල් කෝටි හයකට වැඩි අධ්‍යාපන ණය සහ රුපියල් කෝටි 662 කට ආසන්න වටිනා දේපල ණය 2024 වර්ෂයේදී ලබාදී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව ) තොරතුරු අනාවරණය විය.

    නියමිත ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යක්ෂ මණ්ඩලයේද කම්කරු කොමසාරිස්වරයාගේ සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේද අනුමතියකින් තොරව සහ 2003 අර්ථසාධක අරමුදල් රෙගුලාසිවල සංශෝධන ගැසට් නිවේදයකින් ප්‍රකාශයට පත් නොකර මෙම ණය ලබාදී තිබූ බව එම කමිටුව පවසයි.

    වහාම මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කර ඇත.

  • නීතියේ ආධිපත්‍යය ඇල්ලේ කුණු බක්කියට; ආණ්ඩුව මර නින්දේ

    PickMe සහ Uber යනාදි App-මූලික කුලී රථ සේවා සපයන රියදුරන්ට ප්‍රාදේශීය ත්‍රීවිල් රියදුරන් විසින් සිදු කළ තර්ජනය කිරීම්, පහරදීම් සහ බාධා කිරීම් යනාදි ම්ලේච්ඡත්වය හමුවේ ආණ්ඩුව ගොළු වෙද්දී, සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පනත් කෙටුම්පතක් ඉදීපත් කර ඇත.

  • නීතිවිරෝධී ලිංගික සේවා ජාවාරම්කරුවන් අතර ශ්‍රී ලාංකික භික්ෂුවක්

    ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් දියත්වන සංවිධානාත්මක නීතිවිරෝධී ලිංගික සේවා ජාවාරම්කරුවන් කොටුකරගැනීමේ  ‘ඔපරේෂන් රෙඩ් කාඩ්’ රහසිගත මෙහෙයුමෙන් ශ්‍රී ලාංකික හිමි නමක ඇතුළු හතක් ඇමෙරිකාවේ බොස්ටන්හි දී නීතියේ රැහැනටකොටු වී ඇති බව වාර්තාවේ.

  • නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ගේ සේවය තහනම් කිරීම සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ අවධානය

    ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ඔහුගේ විශේෂ අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සංගමයේ ලේකම් පේමසිරි මානගේ වෙත නිල වශයෙන් දැනුම්දී ඇත.

  • නීතීඥ අචාරධර්ම සහ නීතීඥ සංගමයේ පරස්පරය

    ඝාතනය කළ නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහු ගේ බිරිඳ නිසා නීතීඥ සමාජය විශාල වශයෙන් ද අවශශේෂ සමාජය යම් ප්‍රමාණායකට ද කැලඹී ඇත. ඝාතනය කළ නීතීඥයින් අතළොස්සක් ඉන්නව. ඒ කවුරුවත් නීතීඥ වෘත්තියේ යෙදීම නිසාම ඝාතනය වුණා දැයි අප කවුරුවත් දන්නේ නැත.

  • නීතීඥවරයෙකුට පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ප්‍රහාරයක් :  නීතිඥ සංගමය විරෝධය පළ කරයි

    ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී ඊයෙ (10) දින සිදුවූ අසංගත සිදුවීමකින් පසු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    නීතීඥවරයා විසින් පෙනී සිටි නඩු කටයුත්ත අවසන් වීමෙන් අනතුරුව සිය මෝටර් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයක් පැමිණ තිබූ අතර එම බස් රථයට යාමට ඉඩ සලසමින් මෝටර් රථය පිටතට ගන්නා ලෙස පොලිස් කොස්තාපල්වරයා විසින් නීතීඥවරයා දන්වා ඇත.

    එහිදී නීතීඥවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර පසුව එම ගැටුම පහරදීමක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ.

    කෙසේවෙතත් අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ  (10) නියෝග කළේය.


    ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් (BASL) නිවේදනයක්...


    මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලත් විරෝධයත් පළ කරමින් නිවේදනයක් නිකුත්කර කර තිබේ:

    “කිසිදු පුද්ගලයෙකුට එරෙහිව පොලිස් නිලධාරීන් බලය යොදාගැනීම නීතිඥ සංගමය සැමවිටම විරෝධ කර ඇත. එම සන්දර්භය තුළ මෙම සිදුවීම පැහැදිලි කළ නොහැකි ය.”

    අදාළ නිලධාරියා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, නීතිඥ සංගමය මෙම කාරණය සමීපව නිරීක්ෂණය කරන බවද එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් කරයි.

    එම සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමේ දී, මෙම සිදුවීම නිසි පරිදි විසඳීම පමණක් නොව, අනාගතයේදී එවැනි සිදුවීම් නැවත සිදු නොවෙන ලෙස අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද සදහන් කර ඇත.

    මේ අනුව ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිදු වූ මෙම තත්ත්වය නීතිමය සහ සමාජමය වශයෙන් දැඩි සලකා බැලිය යුතු කරුණක් ලෙස සැලකේ.



    Screenshot 2025 10 11 142847

  • නුගේගොඩ කියවමු.....

    රැලිය එසේ නිමා විය. ඒකාබද්ධය කියන්නෙ රැලිය අති සාර්ථක බවයි. රට කරවන ඇත්තන් හා ඒ ඇත්තන්ගේ ගොට්ටන් කියන්නෙ අසාර්ථක බවයි.

  • නුගේගොඩ කීබල් කොලේජ් හි දරුවෙක් සන්හිඳ පිහිනුම් තටාකයේ ගිලී මියයෑමේ සිද්ධියට  7ක් අත්අඩංගුවට

    නුගේගොඩ සන්හිඳ හෝටලයේ පිහිනුම් තටාකය තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ නුගේගොඩ කීබල් පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7ක් මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    පසුගිය 08 වනදා පෙරවරුවේ නුගේගොඩ, මිරිහාන, 'සන්හිඳ' හෝටලයේ පිහිනුම් තටාකය හෝටලයේ දී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.

    එදින මියගිය දරුවා ඇතුළු දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් හා පුහුණුකරුවෙකු යටතේ ඉහත හෝටලයේ පිහිණුම් කටයුතු සිදුකරමින් සිටියදී මෙම දරුවා දියේ ගිලී තිබේ.

    ඒ හේතුවෙන් එම දරුවා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (9) සිදුකළ අතර, එහිදී කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

    ඒ අනුව මෙම සිදුවීමට අදාළව පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙකු, පෙර පාසල් සේවිකාවක් හා පිහිණුම් උපදේශකයින් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

  • නුගේගොඩ රැලියේ වැඩිම ජන සහභාගිත්වය කළුතරින් !

    විපක්ෂ දේශපාලන බලවේගය විසින් සංධානය කල "මහා ජන හඩ" රැළිය ඉහළ ජන සහභාගීත්වයක් සහිතව ඊයේ නුගේගොඩදි පැවති අතර දිවයිනේ සෑම මැතිවරණ බලප්‍රදේශයකින්ම ජනතාව පැමිණ සිටි බව වාර්තා වේ.

  • නුගේගොඩ රැස්වීමට පිට පළාත්වලින් ජනතාව පැමිණීම අරඹයි

    කරුණු 21ක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ කණ්ඩායම් කිහිපයක් එක්ව පැවැත්වෙන පළමු ජන රැළිය අද (නොවැ: 21) නුගේගොඩදී පැවැත්වීමට නියමිත ය.
  • නුඹේ ඔය සමාවට සාප වේවා! "ලිංගික චැට්" (Sex Chatting) තුළ පවතින නිදහස සහ වගකීම

    දේශපාලන විවාදයක දී, සෑම දාර්ශනික විශ්ලේෂණයක් ම සැමවිට ම දිස්වන්නේ සහ දිස්විය යුත්තේ එක්තරා නිශ්චිත දේශපාලන ස්ථාවරයක් ලෙස පමණි. උදාහරණයක් ලෙස, දැඩි මතධාරී ජාතිකවාදියකු දන්නා පරිදි, යුද්ධයේ දී මියගිය දෙමළ සිවිල් වැසියන් පිළිබඳ සදාචාරාත්මක තර්කයක් සැමවිටම පෙනී යන්නේ දේශපාලන අරගලයේ දෙමළ පාර්ශවයට පක්ෂපාතී ස්ථාවරයක් ලෙස ය. 

  • නුවරඑළිය CGR දුම්රිය නිලධාරින් රාජකාරි වාහනයෙන් ගොස් අවුරුදු සමරයි

    උදා වූ අලුත් අවුරුද්ද සැමරීම සඳහා නුවරඑළිය දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද සිය ආයතනයට අයත් රාජකාරී වාහනයෙන් නුවරඑළිය ග්‍රෙගරි වැවට පැමිණ විනනෝද වනු දක්නට ලැබුණි.

  • නුවරඑළිය නගර මැද සහ නගරය අවට කසල විමානයක් කළ කොවුල් වසන්තය

    2026 නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද වසන්ත සැණකෙළියේ තාවකාලික කඩ කාමරවලින් ඉවත් කරන සියලුම අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් මහ නගර සභාව විසින් සකස් කර නොමැති

  • නුවරඑළිය වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවයට ප්‍රථම වතාවට මාධ්‍යයට ආරාධනා නොකරයි

    දිගින් දිගට ම නුවරඑළිය මහ නගර සභාවේ වැරදි මාධ්‍ය අරහා පෙන්වා දෙන බැවින් මෙවර වසන්ත උත්සවය සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන්ට ආරාධනා නොකිරීම පිළිබඳව නුවරඑළිය ක්‍රියාකාරී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සිය අප්‍රසාදය ප්‍රකාශ කරයි.

  • නුවරඑළිය වෙළෙන්දෝ දෛනික රාජකාරියෙන් ඉවත් වේ

    දේශීය අල සහ ලූනු ගොවිය රැක ගැනීමට කටයුතු නොකරන්නේ යැයි චෝදනා කරමින් නුවරඑලියේ එළවලු අලෙවියෙන් සහ ප්‍රවාහනයෙන් අද (10) දින වැළකී සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක පැවසීය.

  • නූතන වාම ව්‍යාපාරයක් අවශ්‍ය ඇයි...?

    "බෙදාගෙන මහ පොළව

  • නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 3ක ජයක් පාකිස්තානයට

    විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (07) පැවති පළමු තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

  • නෙදර්ලන්තයෙන් පාකිස්තානයට ලකුණු 148ක ඉලක්කයක්

    විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (07) පැවැත්වෙන පාකිස්තාන - නෙදර්ලන්ත තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 147ක් රැස්කිරීමට සමත් වූ අතර පාකිස්තානයට ලකුණු 148ක ඉලක්කයක් හිමිවිය.

  • නෙදර්ලන්තයේ කුකුළන් 71,000ක් විනාශ කෙරේ

    කුරුළු උණ හේතුවෙන් උතුරු නෙදර්ලන්තයේ කුකුළු ගොවිපළක කුකුළන් 71,000කට අධික සංඛ්‍යාවක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

    ඉකුත් මාර්තු මාසයෙන් පසුව, එරටින් කුරුළු උණ රෝගය වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

    රෝගය ව්‍යාප්ත වීමේ අවදාම අවම බැවින්, ගොවිපළ කුකුළන් අභ්‍යන්තරයේ තබා ආරක්ෂා කිරීම දැනට අනවශ්‍ය බව රජය කියයි.

    කෙසේ වෙතත්, රෝග ව්‍යාප්තියේ අන්තරයාකර බව තවදුරටත් අධ්‍යයනය පිණිස, කුරුළු රෝග විශේෂඥයින් නුදුරේදීම හමු වීමට නියමිතය.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/7/2025


    Netherlands to cull 71,000 chickens after bird flu detection

  • නේපාලයේ දී මගී බස් රථයක් ගඟට පෙරළෙයි; 17ක් මරුට; විදේශිකයින් පිරිසකටත් හානි

    නේපාලයේ පොකාරා (Pokhara) සිට කත්මණ්ඩු නුවර බලා ධාවනය වූ මගී බස් රථයක් දාදිං දිස්ත්‍රික්කයේ  මහාමාර්ගයෙන් ඉවතට පැන ත්‍රිෂූලි නදියට පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් 26 දෙනකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න