නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහට සහය පළ කිරීම සඳහා “Free Lawyers ” සංවිධානයේ නීතිඥවරුන් 75 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ නීතිපතිවරයා සමග ඊයේ (21දා) දින සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙහිදී නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් සහ තම නිලධාරින් ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව ක්‍රියා කරන බවයි. දෙපාර්තමේන්තුව ගනු ලබන තීරණ සමඟ එකඟ විය නොහැකි ඕනෑම කෙනෙකුට ඉහළ අධිකරණයකට ගොස් සහනයක් ඉල්ලා සිටිය හැකි බවද නීතිපතිවරයා සඳහන් කළේය.
එම නීතිඥ පිරිස නීතිපතිවරයාට සහාය පිණිස පැමිණි බවත් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට සහාය පළකරන බවත් මෙහිදී ඔවුන් නීතිපතිවරයාට දැනුම්දී තිබේ.
නීතිපතිවරයාට එරෙහි උද්ඝෝෂණය
එම නීතිඥ පිරිස පැමිණීමට පෙර ඊයේ(21දා) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අසලට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පැමිණ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපයට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වා තිබිණි. ඉන් අනතුරුව නීතිපතිවරයාට සහාය පළ කිරීම සඳහා යට කී නීතිඥ පිරිස දෙපාර්තමේන්තුවට පැමිණියහ.
(lankalokaya)

