නීටා අම්බානිගේ ලොව මිල වැඩිම හෑන්ඩ් බෑග් එක

නීටා අම්බානිගේ ලොව මිල වැඩිම හෑන්ඩ් බෑග් එක

ලෝක ධනවතකු වන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බිරිඳ වන නීටා අම්බානි පසුගියදා පැවති දීපාවලි උත්සවයකට ගියේ ලොව පවතින මිල අධිකතම අත්බෑගයක් අතින් අරගෙනයි.

සුපිරි විලාසිතා නිර්මාණකරුවකු වන මනිෂ් මල්හෝත්‍රාගේ මුම්බායි නිවසේ පැවති දීපාවලි උත්සවයට පසුගිය දා (12) සහභාගී වූ ඇය අත තිබූ අත්බෑගය ඩොලර් මිලියන 02කට අධික වටිනාකමකින් යුක්තයි.

සමාජ ජාලයේ සැරිසරන්නන් වෙත ඇගේ සීක්වින් සාරිය සහ විශාල එමරල්ඩ් කරාබු ආකර්ෂණය වූවද, ඇගේ විලාසිතාවේ සැබෑ කැපී පෙනෙන අංගය වූයේ Sac Bijou නම් දියමන්තිවලින් සරසන ලද්දක් වූ ඇගේ Hermès Birkin බෑගයයි. ලොව පුරා පවතින්නේ එවැනි Sac Bijou Birkins තුනක් පමණයි.

මෙම බෑගය ඇමරිකානු ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුක්තයි. Sotheby's ආයතනයට අනුව, මෙම දුර්ලභ Sac Bijou බෑගය ලොව ඇති වඩාත්ම මිල අධික Hermès Birkin බෑගයයි. මෙම අත්බෑගය ඝන 18k සුදු රත්‍රන් වලින් ඉතා සූක්ෂම ලෙස නිමවා තිබෙන අතර එය දිලිසෙන දියමන්ති 3,025කින් සරසා ඇත, එහි සම්පූර්ණ කැරට් බර 111.09 ක්ය.බෑගයේ ඉහළ තට්ටුව කිඹුල් හමක් අනුකරණය කරමින් සකස් කර ඇති අතර, එහි පහළ කොටස, අත් රඳවන දියමන්තිවලින් ආවරණය කර තිබෙනවා.

Screenshot 2025 10 17 115341

Screenshot 2025 10 17 115357

මෙම Sac Bijou බෑගය නිර්මාණය කරන ලද්දේ Hermès හි සියුම් ස්වර්ණාභරණ සඳහා නිර්මාණ අධ්‍යක්ෂවරයා වන පියරේ හාර්ඩි විසින් 2012 දීය.

Screenshot 2025 10 17 115451

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න