නුගේගොඩ රැස්වීමට පිට පළාත්වලින් ජනතාව පැමිණීම අරඹයි

නුගේගොඩ රැස්වීමට පිට පළාත්වලින් ජනතාව පැමිණීම අරඹයි
කරුණු 21ක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂ කණ්ඩායම් කිහිපයක් එක්ව පැවැත්වෙන පළමු ජන රැළිය අද (නොවැ: 21) නුගේගොඩදී පැවැත්වීමට නියමිත ය.

'වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ' යනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මෙම රැලිය, නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී සවස 2ට ආරම්භ වීමට නියමිතව තිබේ.
 
රැලියේ සංවිධායකයින් පවසන පරිදි මෙම විරෝධතා රැලිය පැවැත්වෙන්නේ හේතු 21ක් මූලික කරගෙන ය.

* සැකකටයුතු කන්ටේනර් නිදහස් කිරීම,
*ඉන්ධන මිල පොරොන්දු වූ පරිදි අඩු නොකිරීම,

*විදුලි බිල 1/3කින් අඩු නොකිරීම,

*සහල් මාෆියාව' ආරක්ෂා කිරීම,

*බදු බර වැඩි කිරීම,

*ජාතියේ අභිමානය බිඳ හෙළීම,

*මිතුරු සංග්‍රහය,

*මැති ඇමතිවරුන්ගේ වත්කම් වංචා,

*උපාධිධාරීන්ට සහ සුදුස්සන්ට රැකියා නොදීම,

*ගොවීන් අසරණ තත්ත්වයට පත්කිරීම,

*ජීවන වියදම් ඉහළ දැමීම,

*නීතියේ ආධිපත්‍යය බිඳ දැමීම,

*වෛරය පැතිරවීම,

*සියල්ල දේශපාලනීකරණය කිරීම,

*දේශීය සංස්කෘතිය විනාශ කිරීම,

*රණවිරු දඩයම,

*බෙදුම්වාදීන් සමග හිතවත්කම් පෑම,

*වංචනික ගිවිසුම්වලට එළඹීම,

*අසත්‍ය පැවසූ බව හෙළිවීම,

*රටට වැඩක් නොකිරීම සහ

*ඉදිරි වැඩපිළිවෙළක් නොතිබීම' 
යන කරුණුවලට විරෝධය පළ කිරීම මෙම රැලියෙහි අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.


මෙම රැලිය ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරවා ගැනීම වෙනුවෙන් පවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසිය.

"රටේ විශාල මතයක් ගොඩනැගීගෙන යනවා මේ ආණ්ඩුව අසීමිත බොරු කියපු, වැඩ කරන්න බැරි, වැඩ බැරි ආණ්ඩුවක් බවට. ඒ ආණ්ඩුව අවදි කරවන්න, ආණ්ඩුවට මතක් කරලා දෙන්න විපක්ෂය නියෝජනය කරන පක්ෂවලට වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉටු කරනවා," යැයි රැලිය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

අද (21) පස්වරුවේ පැවැත්වෙන මෙම රැලිය සඳහා මහනුවර, අනුරාධපුරය, බදුල්ල ආදි පළාත්වලින් බස් රථ රාශියක් අද උදැසනම පිටත් වී ඇතැයි පළාත්බද වාර්තාකරුවන් පවසති. 
 
මේ ආකාරයට දවයිනේ විවිධ ප්‍රදේශවලින් මේවන විට බස් රථ 270 පමණ නුගේගොඩ බලා පිටත් වී ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි.
ගාල්ල මාතර හම්බන්තොට කළුතර දිස්ත්‍රික්කවලින්ද සෑහෙන පමණ බස්රථ පිටත් වීමට නියමිත බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. අධිවේගී මාර්ගයේ
එම බස් රථ පැමිණෙන බැවින් ඒවාදහවල් එකොලහෙන් පසුව ඒවා පිටත් වන බවද හෙතෙම සඳහන් කළේය


21c
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න