නීතීඥවරයෙකුට පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ප්‍රහාරයක් :  නීතිඥ සංගමය විරෝධය පළ කරයි

නීතීඥවරයෙකුට පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ප්‍රහාරයක් :  නීතිඥ සංගමය විරෝධය පළ කරයි

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී ඊයෙ (10) දින සිදුවූ අසංගත සිදුවීමකින් පසු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නීතීඥවරයා විසින් පෙනී සිටි නඩු කටයුත්ත අවසන් වීමෙන් අනතුරුව සිය මෝටර් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයක් පැමිණ තිබූ අතර එම බස් රථයට යාමට ඉඩ සලසමින් මෝටර් රථය පිටතට ගන්නා ලෙස පොලිස් කොස්තාපල්වරයා විසින් නීතීඥවරයා දන්වා ඇත.

එහිදී නීතීඥවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර පසුව එම ගැටුම පහරදීමක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ  (10) නියෝග කළේය.


ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් (BASL) නිවේදනයක්...


මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලත් විරෝධයත් පළ කරමින් නිවේදනයක් නිකුත්කර කර තිබේ:

“කිසිදු පුද්ගලයෙකුට එරෙහිව පොලිස් නිලධාරීන් බලය යොදාගැනීම නීතිඥ සංගමය සැමවිටම විරෝධ කර ඇත. එම සන්දර්භය තුළ මෙම සිදුවීම පැහැදිලි කළ නොහැකි ය.”

අදාළ නිලධාරියා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, නීතිඥ සංගමය මෙම කාරණය සමීපව නිරීක්ෂණය කරන බවද එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් කරයි.

එම සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමේ දී, මෙම සිදුවීම නිසි පරිදි විසඳීම පමණක් නොව, අනාගතයේදී එවැනි සිදුවීම් නැවත සිදු නොවෙන ලෙස අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද සදහන් කර ඇත.

මේ අනුව ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිදු වූ මෙම තත්ත්වය නීතිමය සහ සමාජමය වශයෙන් දැඩි සලකා බැලිය යුතු කරුණක් ලෙස සැලකේ.



Screenshot 2025 10 11 142847

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න