කෙහෙළි ප්‍රකාශන ආයතනය ගොඩනැගුණේ බිංදුවේ සිට ය.
එය වසර දෙක තුනක් ඇතුළත ඉතා වටිනා ග්‍රන්ථ රාශියක් ලාංකීය පාඨක ප්‍රජාව වෙත හඳුන්වා දෙමින් ඉතා සෙමින් වුව ද සාර්ථක ගමනක නිරත විය. එහෙත් පසු ගිය මහා ගංවතුර ඒ ගමන නවතාලන්නට උත්සාහ කළේ ය; ආයතනය සතු සියලු පොත්පත් පමණක් නොව සමස්ත ආයතනය ම දිය රකුසා විසින් බිලි ගන්නා ලදී.
එහෙත් දිය රකුසාට බියෙන් පලා යන්නට තරම්, සියල්ල අත්හරින්නට තරම් කෙහෙළි ප්‍රකාශනාධිපති සේනක සේනානායක අධෛර්යමත් නොවී ය. ඔහු නැවත නැගී සිටින්නට අධිටන් කරගත්තේ ය. ඒ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස කෙහෙළි ප්‍රකාශන ආයතනය යළි ආරම්භ කෙරේ. ඒ 2026 පෙබරවාරි 26වන දා ය.
එදින උදැසන නවයේ කණිසමට අලව්ව, මහ විදියේ, අංක 152 දරන ස්ථානයේ දී කෙහෙළි ප්‍රකාශන යළි ගමන් ඇඹීමට සියල්ල සූදානම් ය.
ඉදින් ප්‍රිය පාඨක හිතවතුනි, හිතවතියනි ඔබට හැකිනම් එම අවස්ථාවට සහභාගි වී කෙහෙළි ප්‍රකාශන ආයතනයේ පුනරාරම්භයට ඔබේ සහයෝගය ලබා දෙන්න; හැකි සෑම කෙනෙක් ම ඒ මොහාතට සහභාගි වන්න. එදිනට නව ප්‍රකාශන කිහිපයක් ම ජනගත කෙරෙන බව ද දැනුම් දෙන්නේ හද පිරි තුටිනි.


