'ජාතිවාදයකට අත්තටු දෙන්නට කටයුතු කරන්න එපා' - විපක්ෂ නායක

'ජාතිවාදයකට අත්තටු දෙන්නට කටයුතු කරන්න එපා' - විපක්ෂ නායක

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමේ සිදුවීමක් සහ පොලීසිය සහ ස්වාමීන් වහන්සේලා අතර උණුසම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමත් රටේම කතා බහට ලක්ව තිබේ.

එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ''ජාතිවාදයකට අත්තටු දෙන්නට කටයුතු කරන්න එපා'' යළි සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

2025 නොවැම්බර් 17 දින සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කළ මෙම ප්‍රකාශය අතිශ්‍යය වැදගත් වන්නේ ආණ්ඩුවට කුමන අයුරකින් හෝ පහරදීමට තුරුම්පු එක්රැස් කිරීස පසෙක තබා රටේ ආගමික නිදහස, ජනතාව අතර සමගිය සුරක්ෂිත කිරීමට ඔහු තුළ ඇති අවශ්‍යතාව සහ කැපවීමයි.

“ රටේ උත්තරීතර නීතිය අනුව බුදුදහමට ප්‍රමුඛස්ථානයක් හිමිවෙනවා. ඒ වගේම සෙසු ආගම්වලට නිසි තැන, නිසි පිළිගැනීම ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. එවන් අවස්ථාවන 1951 ආරම්භ කරපු ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට අද දවසේ පොලීසිය ගිහිල්ලා බුදුපිළිම වහන්සේ තියන්න ඕන තැන තීරණය කරනවා, දහම්පාසැල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධව තහංචි පනවනවා, ඉතිං අපි කියන්න කැමතීයි මේ වගේ තත්ත්වයක් තුළ ජාතිවාදී බලපෑම් කරන්න බලන්න ඉන්න අයට, ජාතික සමගියට, රටේ එකමුතු භාවයට විරුද්ධව උල්පන්දම් දීමක් නේද මේ සිදුවෙන්නේ. මොනයම් හෝ ගැටළුවක් ඇත්නම් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවෙලා කරුණු සාකච්ජා කරලා ගැටළුවලට විසඳුම් සොයන්නට ඕන.”





විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මිට ඉහතදී ද ජනවාර්ගික ගැටළු මතුවූ අවස්ථාවලදී එකී ගැටළු වර්ධනයවීම වලක්වා ලීමට මැදිහත්ව ඇත.

මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් වූ තවත් සිදුවීමකි.

වව්නියාව උතුරු වෙඩුක්කුනාරි මලෙයි පුරාවිද්‍යා ප්‍රදේශයේ 2024 වසරේ මාර්තු 09 වනදා ශිව රාත්‍රී පූජාවක් පවත්වමින් සිටියදී හින්දු පූජකවරයකු ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින්, ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් ඇතුළු දෙමළ දේශපාලඥයින් පිරිසක් 2024 මාර්තු 19 වනදා පාර්ලිමේන්තු සභාගර්භය මැද විරෝධතාවක නිරත විය.

එම අවස්ථාවේදීද ඉදිරිපත්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පොලිස්පතිවරයා කැඳවා මෙම සිදුවීමට සාධාරණයක් ඉටුකර සිදුවීම සමතයකට පත් කරන ලෙසයි.

එදා විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම අනුමත කළ ආණ්ඩුව එම සිදුවීම සමථයකට පත් කළේ, සුළු සිදුවීම් ජාතිවාදී මුහුණවරකට පරිවර්ථනය නොකරන ලෙස සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශය පිළිගනිමිනි.

“ පන්සලක් වේවා, කොවිලක් වේවා දේවස්ථානයක් වේවා, පල්ලියක් වේවා ඒවට ගිහින් ඒ, ඒ අගම් ඇදහීමට පුද්ගලයින්ට නිදහස තිබිය යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ 225ම ඒ ආගමික නිදහස සුරකින්නට බැඳී සිටිනවා.”

ඒ එදා සජිත් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයයි.




මේ ගැන එදා තම X සමාජ ජාලයේ සටහනක් තැබූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් කියා තිබුනේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සිදුවීමේදී නිර්භීතව කටයුතු කිරීම ගැන තමන් ස්තුතිවන්ත වන බවයි.

මෙලෙස සජිත් ප්‍රේමදාස 2024 සහ 2025 ආගමික සිද්ධස්ථාන කේන්ද්‍රකර ගනිමින් පොලිස් නිළධාරීන් සිදුකළ මැදිහත්වීම් දෙකේදීම ජාතික සමගිය, ආගමික නිදහස සහ සංහිඳියාව වෙනුවෙන් මැදිහත්වීම සහ සිදුවීම් දෙකේදීම එකම ස්ථාවරයක් දැරීම පැසසිය යුතුය.

 


(විශේෂ වාර්තාකරුවකු විසිනි)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න