'කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් නැහැ' - ජනමාධ්‍ය ඇමති

'කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් නැහැ' - ජනමාධ්‍ය ඇමති

කිසිඳු ආකාරයක මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියි.

රජය මාධ්‍ය නිදහස මර්ධනය කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, සියලු ආකාරයේ මාධ්‍යවලින් විවේචනවලට අවසර ඇති නමුත් අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව පියවර ගත යුතු බව පැවසීය.

කෙසේ නමුත් ඇතැම් මාධ්‍ය නාලිකා සහ ඇතැම් සමාජ මාධ්‍ය කණ්ඩායම් අසත්‍ය හා විකෘති ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ආපදාවෙන් රට ගොඩ ඒමේ ක්‍රියාවලියට බාධා පමුණුවමින් සිටින බව ඇමතිවරයා පෙන්වා දුන්නේය. එසේම ඇතැම් මාධ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍ර පිළිබඳව අවිශ්වාසයක් ඇති කිරීමට සහ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන ආකාරයේ ප්‍රවෘත්ති ප්‍රචාරය කරමින් සිටින බවත් එවැනි අවස්ථාවල දී රට තුළ පවතින සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමට රජය බැදී සිටින බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි ආකාරයේ දුස්මත, විකෘතිමය ප්‍රචාරය කරනු ලබන මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න මහජනතාව ආණ්ඩුවෙන් විමසා සිටින බවයි.

එවැනි විකෘති පුවත් නිර්මාණය වූ පසු, රජය ඉතා සංයමයෙන් ඒවා නිවැරදි කරගැනීමට මැදිහත්ව කටයුතු කරන බවත් මාධ්‍ය මර්ධනය කිරීමට වුවමනාවක් නොමැති බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න