දකුණු කොරියාවේ දත්ත මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් එරට මාර්ගගත සේවා රැසක් අඩාල වේ. අද (29) දවස තුළ යථාවත් කිරීමට හැකි වූයේ, ඉන් දහයෙන් එකකටත් අඩු සංඛ්‍යාවක් පමණක් බව රජය පවසයි.
දකුණු කොරියාව ලොව අධිකතර රැහැන් ගත රටවල් අතුරින් ප්‍රධාන තැනක් ගනී. මාධ්‍ය සාකච්ඡා ඇතුළු එරට බොහෝ රාජ්‍ය සේවා මාර්ග ගතව ක්‍රියාත්මක කෙරේ. ගින්න හේතුවෙන්, එරට පොලිස් සේවය, ගිනි නිවීම් සහ රේගු අධිකාරි ඇතුළු සේවා රැසක් අඩාල වී ඇතැයි වාර්තා වේ.
එරට ජාතික තොරතුරු සම්පත් සේවයේ දත්ත මධ්‍යස්ථානයක දෛනික නඩත්තු කටයුත්තක් අතරවාරයේ හට ගත ගින්නකින් අත්‍යවශ්‍ය මාර්ග ගත සේවා 647ක් මුළුමනින්ම අකර්මණ්‍ය විය. මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත්තේ ඉන් 62ක් පමණක් බව බලධාරීහු පවසති.
මාර්ග ගත සේවා අඩාල වීම සම්බන්ධයෙන් එරට ජනපති ලී ජේ ම්යුඞ් (Lee Jae Myung) ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය. 2023 වසරේ ද, එරට මාර්ග ගත සේවා බිඳ වැටීමේ සිදුවීමක් වාර්තා විය.
බදු ගෙවීම් ඇතුළු කටයුතු රැසක් සම්බන්ධයෙන් නිකුත් කර ඇති අවසන් දින නියමයන් දීර්ඝ කර ඇති බවත්, ගාස්තු අය කිරීමකින් තොරව අත්‍යවශ්‍ය මහජන ලේඛන නිකුත් කිරීම් සිදු කරන බවත් මහජන ආරක්ෂක උප අමාත්‍ය, කිම් මින්-ජේ (Kim Min-jae) පැවසීය. ගින්නෙන් මුළුමනින්ම විනශයට පත් මාර්ග ගත සේවා 96ක් යථාවත් කිරීමට අවම වශයෙන් සති හතරක්වත් ගත වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/29/2025
South Korea scrambles to restore digital services after server fire