කිනම් බසකින් කියන්න ද
කෙබඳු කවියක් ලියන්න ද
කවර න්‍යායෙන් හිතන්න ද
කොතැන ලා දුක දරන්න ද
සරු පස සදන හැටි ගැන
තරු දිනන සක්වළ දිග පළල ගැන
දන්නා සියලු මිනිසුනි
දරු දුක මනින මිනුම කිව මැන
මේ මගේ දරුවා
සිටියේ ඇකයෙ ගුළි වී
මේ මගේ දරුවා
රැක්කෙ ලේ පවා උණු කර දී
මේ මගේ දරුවා
මල් බඳු පා සිප ගත්තෙ
දණින් වැටි වැටි නැවි නැවී
ඒ මගේ දරුවා
නික්ම යන විට
සක්වළ ගල පවා නැද්ද සෙලවී
ඇට ලේ මස් මිදුළු වැද
කිඳුණු බැඳුමක
හටගත් හැම දෙයක
අරුත සුන් වෙන දින
කොටසක් නො වේ; මුළු දිවි අරුත
දිය වෙන තැන
මට මේ දුක දරණ හැටි
කියා දෙනු මැන

Kalpana Ambrose
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
