දකුණු කොරියානු හිටපු අග්‍රාමාත්‍ය හැන් ඩක්-සූ හට වසර 23ක සිරදඬුවමක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
දකුණු කොරියානු අධිකරණයක් විසින් ඊයේ (21) මෙම තීන්දුව ලබා දෙන ලදී.
එරට හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට යුද නීතිය ප්‍රකාශයට පත්කර එය ක්‍රියාත්මක කිරීමට ආධාර කිරීම සම්බන්ධයෙන් මෙලෙස දඬුවම් හිමි වී තිබේ.
කැබිනට් මණ්ඩල හරහා යුද නීතිය නීත්‍යනුකූල කිරීමට ආධාර කිරීම, යුද නීති ලේඛනය ව්‍යාජ ලෙස සකස් කිරීම සහ විනාශ කිරීම යනාදි කරුණු සඳහා ද මොහු වරදකරු වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර, එරට හිටපු ජනාධිපති යූන් දැනට සිරගතව සිටින අතර කැරලි චෝදනා ඇතුළුව අපරාධ නඩු අටක් ඔහුට පවතින බව සඳහන් වෙයි.

