සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකරට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට කතානායකවරයා ඉඩ නොදීම හේතුවෙන් ජයසේකර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක දිගට කෑ කෝ ගැසීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය.
අනතුරැව දයාසිරි ජයසේකර රීති ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී කතානායකවරයා ඊටද ඉඩ නොදීම හේතුවෙන් ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ලේකම් මණ්ඩලය අසලට පැමිණ කෑකෝ ගසනුද දැකගත හැකිවිය.
දයාසිරි ජයසේකර:
මම ඔබතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඔබතුමා ඒක දෙන්නේ නැද්ද.
කතානායක:
ඔබතුමා කතා කරන්නේ පාර්ලිමේන්තුවේ පරිපාලනය සම්බන්ධ ගැටලුවක්. 29(2) යටතේ මගේ අවසරය දෙන්නේ නෑ.
(දයාසිරි ජයසේකර මහතා දිගටම කතා කරයි)
(කතානායක අවස්ථාව නොදේ)
දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු අසුන් වලින් නැගී සිට දිගටම කෑ කෝ ගසති.
(රීති ප්‍රශ්න දිගටම මතුකරති)
(සභාවේ ඝෝෂා)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස:
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වරප්‍රසාද ප්‍රශ්නයක් ඇහුවම ඒකට සවන් දීම ඔබතුමාගේත් සභාවේත් යුතුකමක්. ඇයි ඒ අවස්ථාව නොදෙන්නේ.
අමාත්‍ය බිමල් රත්නායක:
මේගොල්ලන්ගේ අරමුණ සභාවේ කටයුතුවලට බාධා කරන එක. වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා.ඔබතුමා මෙතුමාට එළියේ මයික් එකක් දාලා දෙන්න.විපක්ෂ නායකත් මෙයාට කැමැති නෑ.පක්ෂයකුත් නෑ.දයාසිරි එක්ක ගියොත් විපක්ෂ නායක තුමාට තියෙන සත දෙකත් නැති වෙනවා
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

