දකුණු කැලිෆෝර්නියා කලාපයේ නත්තල් කුණාටු සහ ධාරානිපාත වැසි

දකුණු කැලිෆෝර්නියා කලාපයේ නත්තල් කුණාටු සහ ධාරානිපාත වැසි

දකුණු කැලිෆෝර්නියාවේ දරුණු වැසි හට ගෙන තිබේ.

ඊයේ (24) එහි ක්ෂණික ජල ගැලීම් සහ මඩ  ප්‍රවාහ පිලිබඳ වාර්තා විය. මෝටර රථ ධාවනය සම්බන්ධයෙන්  අනතුරු අඟවා තිබේ. ක්ෂණික ජල ගැලීම් ප්‍රදේශවල ජනතාවට වහා  ආරක්ෂාකාරී ස්ථාන වෙත යොමු වන ලෙස ද දැනුම්දීම් නිකුත් කර ඇත.

ලොස් අන්ජලීස් නුවරට නැගෙනහිරින් පිහිටි කඳුකර රයිට්වුඩ් නිකේතන ප්‍රදේශයෙන් ද ආපදා වාර්තා විය. ඒ වෙත හදිසි සහන සේවා කණ්ඩායම් වහා පිටත් කර හැරීමට පියවර ගැනිණි. එම කණ්ඩායම් විසින් විපතට පත් සංචාරක පිරිස් රැසක් ආරක්ෂාකාරී ස්ථාන කරා රැගෙන යාමට පියවර ගෙන  තිබේ. මඩේ එරී ගිය මෝටර් රථ රැසක් ද මුදා ගැනීමට ඔවුහු කටයුතු කළහ.

අසල්වැසි, අඩු ආදායම් නිවාස සහිත ජනාවාස මඩ ප්‍රවාහ සහිත ක්ෂණික ගං ජලයෙන් යට වී තිබේ.

ඇතැම් ප්‍රදේශයන්හි පැයක වර්ෂාපතනය සෙ.මී.2.54 ලෙස සටහන් විය. එම ප්‍රදේශ වෙත අධික කුණාටු තත්ත්වයක් ද බලපා  තිබේ. පැසිෆික්‌  සාගරයේ සිට ලොස් ඇන්ජලීස් කලාපය වෙත දැඩි සුළං ප්‍රවාහ ඇතුළු විය.

නතතල් සැඳෑ කුණාටු සිකුරාදා (27) තෙක්  පවතිනු ඇතැයි අනාවැකි පල කර ඇත. නත්තල් නිවාඩු සමයේ විවේකී ගමන් බිමන් හැකි තාක් අවම කරන ලෙස රියදුරන් වෙත උපදෙස් නිකුත් කර තිබේ. අද (25) නත්තල් දා, දකුණු කැලිෆෝර්නියාවේ  ජීවිත අවදානම සහිත කුණාටු තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇතැයි  ද අනතුරු අඟවා ඇත. ඉතා ඉක්මනින්, ක්ෂණික ජල ගැලීම් වලට මුහුණ දීමට සූදානම් වන ලෙස කාලගුණ බලධාරීහු ජනතාව වෙත දැනුම් දුන්හ.

ක්ෂණික මඩ ප්‍රවාහ වලට ලක් විය හැකි බවට සැලකෙන ලොස් ඇන්ජලීස්හි නිවාස එකක 130ක පමණ පදිංචිකරුවන් ට වහා ඉන් ඉවත්වන ලෙස  දැනුම් දී තිබේ. අද අළුයම රයිට්වුඩ් ප්‍රදේශයට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කෙරිණි. ජල ගැලීම් හේතුවෙන්, සැන් ගැබ්‍රියෙල් කඳුකර කලාපය ඔස්සේ වැටී  ඇති ප්‍රධාන මෝටර් රථ මාර්ගයක් වන ඇන්ජලීස් ක්‍රෙස්ට් අධිවේගය ස්ථාන කිහිපයකින් වසා දැමීමට ද බලධාරීහු පියවර ගත්හ.

ඊයේ වට මහ වැසි සමග හටගත් දැඩි කුණාටු   තත්ත්වයෙන් ප්‍රදේශ රැසක ගස් කඩා වැටිණි. විදුලි රැහැන් පද්ධති ද විනාශව ගොස් ය. උස්, සියෙරා කඳුකර ප්‍රදේශයේ පවතින දරුණු කුණාටු හේතුවෙන් අධික හිම පතනයක් අපේක්ෂා කෙරේ.

එරට වේලාවෙන් අද පෙ.ව.9 පමණ වන විට, ඇතැම් කඳු පාමුල ආශ්‍රිත ප්‍රදේශ වෙත අඟල් 4 ත් 8ත් අතර වර්ෂාපතනයක් හට ගෙන තිබේ. කඳුකර පෙදෙස් රැසක් ආශ්‍රිතව පර්වත කොටස් කඩා වැටීම් සහිත නාය යාම් වාර්තා වේ.

ඇල්හැම්බ්‍රා ප්‍රදේශයේ පවතින අකුණු සහිත කුණාටු හේතුවෙන්, නැගෙනහිර-මධ්‍යම ලොස් ඇන්ජලීස් හි ඇතැම් ප්‍රදේශ වෙත ඉදිරි  ටොර්නාඩෝ තත්ත්වයක් පිළිබඳව ද  අනතුරු අඟවා තිබේ.

ඊයේ රාත්‍රිය  වනවිට, කලාපයේ වර්ෂා තත්ත්වය පිලිබඳ යම් අඩු වීමක් දක්නට ලැබුණද,  ප්‍රදේශය අශ්‍රිතව  තවත් වටයක දරුණු කුණාටු පද්ධතියක් වර්ධනය වෙමින් ඇතැයි කාලගුණ බලධාරීහු අනතුරු අඟවති. අද රාත්‍රිය වන විට එය එම ප්‍රදේශ අශ්‍රිතව පතිත වීමට නියමිතය.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
12/25/2025


මුලාශ්‍රය :

Heavy rains drench Southern California, spawn flash flooding, mud flows


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න