Image

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන්

සාම්ප්‍රදායික ලෙස වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය 2026 අද (09) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

"අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට " තේමාව යටතේ 59වන වරටත් ජාතික අලුත් සහල් මංගල්‍යය විචිත්‍රවත්ව සංවිධානය කර තිබීම පිළිබඳ ඉතා සතුටු වන බව ජනාධිපතිවරයා එහි දී පැවසී ය.

ලෝකයේ කුමන අර්බුද මතු වුව ද, ජාතියක් ලෙස අප ආහාර අර්බුදයකට මුහුණ නොදී සිටින්නේ අපේ ගොවි ජනතාව දිවා රෑ, අව්ව, වැස්ස, පින්න නොතකා කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබා දෙන මහඟු දායකත්වය නිසා බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් ඔවුන් සියලු දෙනා වෙත ගෞරවය පුද කළේ ය.

ඕනෑම රටකට තමන්ටම අනන්‍ය වූ ගමන් මාවතක් තිබෙන බවත්, අපට අනන්‍ය වූ සංස්කෘතියත්, ගමන් මාවතත් කෘෂිකර්මාන්තය මත ගොඩනැගී තිබෙන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, කෘෂිකර්මාන්තය සමග බැඳුණු එම මහඟු සංස්කෘතික වටිනාකම මෙම අලුත් සහල් මංගල්‍යයෙන් පිළිබිඹු වන බවද සඳහන් කළේ ය.

ලේ, කඳුළු දහදිය මතින් ගොඩනැගුණු මෙරට ගොවි ජනතාවගේ ජීවිත මීට වඩා උසස් මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් රජයට විශාල සැලැස්මක් තිබෙන බවත්, ඒ අනුව රටේ සුළු සහ මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ප්‍රතිසංවිධානය කරමින් අවශ්‍ය ජල සම්පත ලබා දීම, යෙදෙවුම් සාධාරණ මිලට ලබා දීම, කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය කැඳවා ගෙන ඒම, අස්වනු නාස්තිය වළක්වා ගැනීම සඳහා ගබඩාකරණය, ඇසුරුම්කරණය සහ වෙළෙඳපොළ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, අස්වැන්නට සාධරණ මිලක් ලබා දීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 07ක් පිළිබද අවධානය යොමු කරමින් වත්මන් රජයේ කෘෂි ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහෙි දී අවධාරණය කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය

akdd

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න