Image

තායිලන්තයේ බැංකොක් නුවර මත්පැන්හලක ගින්නක්; 27ක් මිය යති

තායිලන්තයේ බැංකොක් නුවර මත්පැන්හලක ගින්නක්; 27ක් මිය යති

තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි මත්පැන්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිනිසුන් කෑගසමින් සහ ඇද වැටෙමින් එම ස්ථානයෙන් පලා යන විට, මත්පැන්හල තුළින් විශාල ගිනිදැල් මතු වන ආකාරය වීඩියෝ දර්ශනවලින් දැකිය හැකි ය.

මළ සිරුරු 27ක් සොයාගෙන ඇති අතර අනෙක් පිරිස රෝහල් ගත කර ඇති බව අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරාකුල් සිද්ධිය වූ ස්ථානයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

පැය භාගයක පමණ කාලයකදී ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින් සමත් වී ඇත.

විදෙස් වාර්තා වැඩි දුරටත් සදහන් කරන්නේ මියගිය 27 දෙනා අතර පිරිමි 9 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු සිටින බවත්, තවත් 60කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න