එක්සත් ජනපද - ඉරාන අතුරු සාම ගිවිසුම අත්සන් තැබීමත් සමග ලෝක වෙළඳපොළ බොරතෙල් බැරලයක මිල අද (18), ඇමෙරිකානු ඩොලර් 2කින් පහළ වැටුණේ ය. ගැටුම් අවසන් කරමින්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර, ඉරානයට එරෙහි එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීමේ අරමුණින් එම ගිවිසුම ක්‍රියාත්මක ය.
තෙවන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' සඳහා 2025 වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ, පිළිගත් ප්‍රකාශන ආයතන සහ කර්තෘ ප්‍රකාශන ලෙස මුද්‍රණයෙන් නිකුත් වූ: නවකතා, කෙටිකතා, කාව්‍ය, සිංහල බසට කෙරුණු පරිවර්තන, ඉංග්‍රීසි බසට කෙරුණු පරිවර්තන, දෙමළ බසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශිත නවකතා, කෙටිකතා සහ කාව්‍ය කෘති යනාදි නිර්මාණ භාර ගැනීම අරඹා ඇත.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් "තොටළඟ පොඩ්ඩි" වාහන 21ක්, බැංකු හතරක් ඇතුළු විශාල දේපළ ප්‍රමාණයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නම් හරහා ලබාගෙන ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දන්වා සිටියේ ය.
මුදල්විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් "තොටළඟ පොඩ්ඩි" ලබන 21 යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (17) නියෝග කළේ ය.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් අද භූතානයේ පැවති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) විධායක කමිටු රැස්වීමේ දී ඒකමතිකව SAFF උප සභාපතිවරයා ලෙස පත් කර ඇත.
වසර 27ක් පැරණි, ඉන්දීය ක්‍රීඩා ක්ෂේත්රයේ දැවැන්තයකු වූ පී.ටී. ඌෂා ගේ මීටර් 200 වාර්තාව (තත්පර 23.90) තත්පර 23.58කින් බිඳ හෙලමින් තත්පර 11.53ක මීටර් 100 වාර්තාවක් ද සමගින් රන් පදක්කම් 3ක් දිනූ ෂෆියා යමික් යනු ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාවේ නූතන පෙරළිය යි. 2025 රාංචි හි පැවැති දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට අනුශූරතාවය හිමිකර දීමට ඇය දැක්වූ දක්ෂතාව අතිවිශිෂ්ට ය.
රජයේ සංචාරක කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙලට අත්වැලක් වෙමින් දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රූපලාවන්‍ය ක්ෂේත්රයේ නව පිබිදීමට මුල පුරයි.
දකුණු කොරියාවේ ඊයේ (19) සිදු වූ මගී නෞකා අනතුරක් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති 2019 වර්ෂයේ රුපියල් මිලියන 16.5 ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රම වේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයකු වූ රන්නුළු චන්ද්‍රසිරි ද සොයිසා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග (24) කළා.
දකුණේ ව්‍යාපාරිකයින් මුහුණ දෙන මුදල් සහ පරිපාලන ගැටලු ඇතුළු තවත් ගැටලු ගණනාවකට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙරටට ගල්අඟුරු සපයන ආයතනයක් බාල ගල්අඟුරු ඒවා ඇති නම් ආණ්ඩුව කළ යුත්තේ දඩයක් ගසා බාල ගල් අඟුරු භාර ගැනීම නොව, එය ප්‍රතික්ෂේප කිරීම යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා පැවැත් වුණි.
දඹුල්ල ප්‍රදේශයේ එළවළු පලතුරු සහ ලුණු අස්වනු අස්වනු බහුල කාලයේ දී ගොවීන්ගෙන් ඒවා සාධාරණ මිලකට මිලදී ගෙන ශීත ගබඩාවේ තැන්පත් කර අස්වනු හිඟවන කාලයට ඒවා සාධාරණ මිලකට පාරිභෝගිකයාට සැපයීම සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන පන්සීයකට වැඩි මුල්‍ය අනුග්‍රහයක් ලබාගෙන ඉදිකරන ලද ශීත ගබඩාව අපරිභෝගව තිබීමෙන් ප්‍රදේශවාසී ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් ලෙස දයාසිරි ජයසේකර පිළිබඳව පක්ෂයක් ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන එච්. එම්. පී. හේරත් විසින් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභපති නිමල් සිරිපාල ද සිල්වා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
දර්ශන අශෝක කුමාර විසින් පරිවර්තිත ''යෝගාචාර බුදු දහම සහ නූතන මනෝවිද්‍යාව'' කෘතිය සහ ඔහු විසින් රචිත ''සිනමා න්‍යාය'' නමැති කෘති ද්විත්වය එළඹෙන 09වන දා සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ, මියගිය දර්ශන හඳුන්ගොඩ යන අයට අයත් අධිකරණය බාරයේ තිබූ නඩු භාණ්ඩ වන ඔහුට අයත් පරිගණක ය සහ ජංගම දුරකතන ඔහුගේ බිරිඳ වෙත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කර ඇත.
මෙරටින් මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීමට පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙම වසරේ විදුලි ජනනය සඳහා ගල් අඟුරු නැව් 25ක් සැපයීමට ටෙන්ඩරය ලබාගත් ඉන්දියානු සමාගම මේ දක්වා ලංකාවට රැගෙනවිත් ඇත්තේ නැව් 13ක් පමණක් බවත්, අවසන් දින 10ක පමණ කාලය තුළ එක නැවක්වත් පැමිණ නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

