ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වූ ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන පත්ව සිටින්නී ය.
ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික අභියෝගවලට මුහුණ දෙන පසුබිමක දුප්පත්කම සහ ආදායම් අසමතුලිතභාවය ජන ජීවිතයට තවදුරටත් බලපෑම් කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
දුම්කොළ සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධ වීම අපේ සංස්කෘතියේ අංගයක් වුවත්, ඊට විරුද්ධව කෙතරම් සංවිධානාත්මකව ප්රචාරක ක්‍රම දියත් වුවත්, මත්ද්‍රව්‍ය, මත්වතුර සහ දුම්වැටි සමාජ ගත කිරීම අතිශය මනෝ විද්‍යානුකූලව, සංවිධානාත්මකව සහ විශාල මුදලක් ආයෝජනය කර අඳාළ සමාගම් සිදුකරන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අවධාරණය කරයි.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක දුම්රිය මැදිරිවල පවතින අඩුපාඩු වහාම නිවැරදි කරන ලෙසට දුම්රිය ප්‍රධානීන්ට මීට මසකට පමණ පෙරදී නියෝග කළත් තවමත් එම අඩුපාඩු එලෙසම පවතින බව මගීහු චෝදනා කරති.
රක්ෂිත බණ්ධනාගාරව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අද (22) ත්රිකුණාමයේ බණ්ධණාගාරය වෙත ගියේ ය.
දිවයින පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්රිත වෙළෙඳසැල් රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසි වැටලීමක් කර ඇත.
දුෂ් තොරතුරු යනු රාජ්‍යයට එරෙහි තොරතුරු යන්න වැරැදි මතයක් බවත් එය රාජ්‍ය පවත්වාගෙන යන, ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳ වැරැදි මත ප්‍රචාරණය කිරීම ලෙස නිවැරැදි විය යුතු යැයි ලංකාවේ ජනාධිපති කාර්යාලයේ 'Counter Disinformation Unit' හි ආරම්භක ප්‍රධානියා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සඳුන් අරෝෂ ප්‍රනාන්දු පැවසී ය.
දූෂණ විරෝධි පනතට යෝජනා කර ඇති නව සංශෝධන දූෂණයට එරෙහිව රට තුළ ගොඩනැගී ඇති මහජන මතයට පිටුපෑමක් වනවා මෙන් ම දූෂණයට එරෙහිව රටක් ලෙස තහවුරු කරගෙන පවත්නා නීතී දුර්වල කිරීමක් ලෙස ද සැලකිය හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
රජය විසින් ගැසට් කරන ලද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ වන ඇප සම්බන්ධයෙන් වන යෝජිත සංශෝධන පිළිබඳ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සිය දැඩි කණස්සල්ල පළ කර ඇත.
දෙනියාය රෝහලේ වෛද්‍ය උපකරණවලට අවශ්‍ය රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබාදීම වෙනුවෙන් ඉන්දියාව සහ ලංකාව අත අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
දෙනියාය ප්‍රදේශයේ දරුවන් අතර වේගයෙන් පැතිර යන මොළයේ උණ රෝගී තත්ත්වයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
ත්රස්තවාදයට එරෙහිවීම මුවාවෙන් ‘දෙපැත්ත කැපෙන ආයුධයක්’ බඳු අතිශය අවධානම්කාරී මර්ධනීය නීති (Draconian Laws) හඳුන්වා දීමට රජය පියවර ගන්නේ නම් එයට කොන්දේසි විරහිතව විසින් සිය විරෝධය පළකර සිටින බව දිනන දකුණ සාමුහිකය සඳහන් කරයි.
ලාංකීය සාහිත්‍යයෙහි පරිවර්තන කෘති සඳහා පවතිනුයේ සතුටුදායක ඉල්ලුමකි. එහෙත් ඒ විදෙස් සාහිත්‍ය පරිවර්තන සම්බන්ධයෙනි. මේ තත්ත්වය මධ්‍යයේ පසුගිය කාලය තුළ ඇතිවූ සාධනීය වෙනස්කමක් වනුයේ මෙතෙක් සිංහලෙන් කියවන පාඨකයින් ගේ අවධානයෙන් ගිලිහී තිබූ, නැතිනම් සිතා මතා අමතක කරන ලද අපේ ම සාහිත්‍යයක් පරිවර්තන හරහා සිංහල පාඨකයා වෙත සමීප කරවීමේ ව්‍යායාමයක් ආරම්භ වීමයි. ඒ අන්කිසිවක් නොව දෙමළ සාහිත්‍යයේ සිංහල පරිවර්තනයන්හී සංඛ්‍යාත්මක මෙන්ම ගුණාත්මක වශයෙන් ද වර්ධනයක් දක්නට ලැබීමයි.
දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී අද (02) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූහ.
දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කරන බවත්, ගුණාත්මක අධ්‍යාපනයක අවශ්‍යතාව වටහා ගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමට දෙමාපියන් කරන කැපකිරීම අගය කරන බවත් අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පැවසුවා ය.
මේ වසරේ දෙසැම්බර් මාසයේ අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට (18) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව රජය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලාංකේය සුභාවිත ගීත කලාව පෝෂණය කිරීමෙහිලා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර ගේ දශක නවයකට අධික කලා ජීවිතය ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සංවිධානය කිරීමට යෙදුණ "නීල නුවන්" දේවානන්ද වෛද්‍යසේකර ප්රණාම ප්‍රසංගය ඊයේ (07) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකොන් මැදිරියේ දී පැවැත්විණි.
ප්‍රාදේශීය ආණ්ඩුකරණය තුළ දේශගුණික විපර්යාස පිළිබඳව සැලකිලිමත් වීම සඳහා ජර්මනියේ කොන්රඩ් ඇඩිනර් පදනම සහ ආණ්ඩුකරණය සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳ ආයතනය එක්ව ආරම්භ කල නියමු ව්‍යාපෘතිය සාර්ථක ව ක්‍රියත්මක කෙරේ.
ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට ඉතාමත් සුළු පිරිසක්, 10 දෙනෙක් 12 දෙනෙක් පමණ, ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් පෝස්ටර් අල්ලාගෙන නීතිඥ සංගමය සහ එහි සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය විවේචනය කළ බවත්, එය තරයේ හෙළා දකින බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්යේ කැඳවුම්කරු වන මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසන පරිදි 'බවතරණය' කෘතිය තුළ බුදුන් වහන්සේ පොදුජනකරණය වී ඇති බවත්, ලංකාවේ දේශපාලකයින් ද දේශපාලනය පොදු ජනකරණය කිරීමට ගොස් පොට වරද්දාගෙන ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

