තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පැවසීය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
මේ අතර උසස් පෙළ විභාගය දින නියමක් නොමැතිව කල්දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇති අතර, ඒ පිළිබඳ දින වකවානුව ඉදිරියේ දී නිවේදනය කිරීමට නියමිතයි.
පාසල් ආරම්භක දිනයේ නැවත වෙනස් කිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
