තායිවානයේ අග්නිදිග වෙරළ ප්‍රදේශයේ අද (24), රිච්ටර් මාපක 6.1ක භූ කම්පනයක් සිදු විය. ඉන් සිදු වූ හානි පිලිබඳ කිසිත් තවමත් වාර්තා වී නොමැත.
භූ කම්පනයෙන් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවී ගිය බව වාර්තා වේ. එය පොලොව අභ්‍යන්තරයේ කි.මී.11.9ක් දුරින් හට ගෙන ඇතැයි ද වාර්තා වේ.
භූ කම්පන ප්‍රබලත්වය, පුද්ගලයින් කර්මාන්තශාලා වෙතින් වහා ඉවත් කර ගැනීමේ සීමාවේ නොපැවති බව, එරට TSMC මෘදුකාංග නිෂ්පාදන සමාගම පවසයි.
2016 වසරේ දකුණු තායිවානයේ සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. 1999 වසරේ එහි සිදු වූ රිච්ටර් මාපක 7.3ක භූ කම්පනයෙන් තායිවාන වාසීන් 2000කට අධික පිරිසකට දිවි අහිමි විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
12/24/2025
මුලාශ්‍රය :
Southeastern Taiwan shaken by 6.1 magnitude quake, no immediate reports of damage

