ඩෙන්මාර්කය වසර 400ක තැපැල් සේවාවට සමුදෙයි - ලිපි බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නවතී

ඩෙන්මාර්කය වසර 400ක තැපැල් සේවාවට සමුදෙයි - ලිපි බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නවතී

ඩිජිටල් සන්නිවේදනය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ සාම්ප්‍රදායික තැපැල් ලිපි සඳහා ඇති ඉල්ලුම පහත වැටීම හේතුවෙන් ඩෙන්මාර්කය සිය රාජ්‍ය තැපැල් ලිපි බෙදාහැරීමේ සේවාව අවසන් කර තිබේ.

1624 වසරේදී ආරම්භ වූ මෙම සේවාව වසර 401කට පසු මෙලෙස නිමාවට පත්වීම විශේෂත්වයකි.

ඩෙන්මාර්කය ලොව වැඩිම ඩිජිටල්කරණයට ලක්වූ රටක් වන අතර, බැංකු කටයුතු, සෞඛ්‍ය වාර්තා සහ රාජ්‍ය ලේඛන සියල්ලක්ම පාහේ දැන් හුවමාරු වන්නේ අන්තර්ජාලය හරහාය.

2000 වසරට සාපේක්ෂව 2024 වසර වන විට තැපැල් ලිපි බෙදාහැරීම 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇත.

ලිපි බෙදාහැරීම තවදුරටත් ලාභදායී නොවන බැවින් මෙම සේවාව පවත්වාගෙන යාම අත්හිටුවීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

ඩෙන්මාර්කයේ අනන්‍යතාවයක් වූ ප්‍රසිද්ධ රතු පැහැති තැපැල් පෙට්ටි 1,500ක් පමණ පසුගිය මාස කිහිපය තුළ ඉවත් කර ඇත.

මෙලෙස ඉවත් කළ පෙට්ටි පුණ්‍යාධාර සඳහා විකිණීමට තැබූ අතර, බොහෝ ඩෙන්මාර්ක වැසියන් රුපියල් ලක්ෂයකට අධික මුදලක් (ඩෙන්මාර්ක ක්‍රෝනර් 1,500 - 2,000) ගෙවා සමරු සිහිවටන ලෙස ඒවා මිලදී ගැනීමට උනන්දු වී ඇති බව සඳහන් වේ.

( hirunews)

මුලාශ්‍ර :

Digital age brings Denmark’s postal service to a historic end

Denmark becomes first country in world to end letter delivery

වීඩියෝ

Denmark shuts its 400-year-old postal service

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න