ඩී. ඇස්. සේනානායක විද්‍යාලය "රණවිරු උපහාර 2026"

ඩී. ඇස්. සේනානායක විද්‍යාලය "රණවිරු උපහාර 2026"

"තමාට පෙර රට" යන ආදර්ශ පාඨය අනුව ගමන් කරන අභිමානවත් පාසලක් ලෙස කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය ශ්‍රී ලංකාව තුළ

වැජඹෙන්නේ හුදෙක් නාමයෙන් පමණක් ම නොව ක්‍රියාවෙන් ද එය පසක් කරමිනි. 59 වසරක් පුරාවට අභිමානවත් සෙන්පති පුතුන් රටට දායාද කළ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය "රණවිරු උපහාර 2026" සමරන්නේ 30 වසරක කුරිරු යුද්ධයේ දී තම දිවි පිදූ ඒ අභිමානවත් රණවිරු පුතුන්ට කෙරෙන උපහාරයක් වශයෙනි.

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නියෝජ්‍ය ආඥාපති, මේජර් ජෙනරාල් ආදි සේනානායකයීය එච්. ඩී. එල්. එස්. පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේ දී අද (06) පැවැත්වූ රණවිරු උපහාර 2026 මේ ආකාරයෙන් ගෞරවාන්විතව සනිටුහන් කළේ ඒ විරෝධාර රණවිරුවන්ගේ ප්‍රාණ පරිත්‍යාගය පමණක්ම නොව ඔවුන් පිළිබඳව අභීත මතකාවර්ජනයක් ද සිදු කරමිනි.

වීර රුධිරයෙන් ලියූ ඒ අභිමානවත් ගෞරවයට "රණවිරු උපහාර 2026" උපහාරයක් ම වේවා!

ds 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න