Image

ඩෙංගු මදුරුවන් බෝවන ලෙස වගකීම් විරහිතව ක්‍රියා කළ පුද්ගලයින් 1186ක්; රු.එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ මුදලක්

ඩෙංගු මදුරුවන් බෝවන ලෙස වගකීම් විරහිතව ක්‍රියා කළ පුද්ගලයින් 1186ක්; රු.එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ මුදලක්

ජූනි මාසයේ පමණක් ඩෙංගු මදුරුවන් බෝවන ලෙස වගකීම් විරහිතව ක්‍රියා කළ පුද්ගලයින් 1186ක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමර්ග ගත් බවත් එම පිරිසෙන් රු.එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ මුදලක් ද අයකර ගෙන තිබෙන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති අමිත් කුමාර පවසයි.

එය දඩ මුදලක් ලෙස නොව වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් සිදුකරන දඬුවමක් බව ද අමිත් කුමාර සඳහන් කළේය.

ජුනි මාසයේ පමණක් කොළඹ දිස්ත්‍රික්කයට අදාළව නිවාස 494ක් රජයේ හා පුද්ගලික ආයතන 134ක් පාසල් 4කට ආගමික ස්ථාන 2කට නීතිමය ක්‍රියාමර්ග ගෙන ඇති බවත්, රාජකාරීයේ දී සිටි කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් මහජ සෞඛ්‍ය පරීක්ෂකවරුන් 08 දෙනෙකුට ඩෙංගු වැලඳී තිබෙන හෙයින් මහජනතාව සිය වගකීම ඉටුකරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ තවදුරටත් ඩෙංගු වසංගතය ව්‍යාප්ත වෙමින් තිබෙන තත්ත්වයක අද (09) ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛා සංගමය විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඉදිරි දින කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන වහාම පිරිසිදු කරගන්නා ලෙස ද ඔහු ජනතාවට දැනුම් දුන්නේ ය. හිස් ඉඩම්, වසා දමා ඇති නිවාස පරීක්ෂා කිරීම මෙන්ම ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීම මේ මොහොතේ විශාල ගැටලුවක්ව පවතින හෙයින් ඒවායෙහි හිමිකරුවන් ඉදිරි දින දෙක තුන ඇතුළත එම පරිශ්‍ර පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇත්නම් ඒවා ඉවත් කළ යුතු ය.

රෝග ලක්ෂණ පහළ වී තිබෙන අය රැකියා සඳහා යෑම, පාසල්, ළඳරු පාසල් යැවීම සිදුනොකරන ලෙස වහාම විවේක ගැනීමට සැලැස්විය යුතු යැයි ද හෙතෙම සඳහන් කළේ ය. එමෙන්ම මේ වන විට අඛණ්ඩව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඩෙංගු මර්දන ව්‍යාපෘතියේ නියැළෙමින් ඉතා වෙහෙසකර ලෙස මැදිහත්වීම් සිදුකරමින් පවතින බව ද පැවසී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න