Image

ඩෙංගු රෝගය සඳහා අත් බෙහෙත් භාවිත කිරීමෙන් වළකින්න - විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න

ඩෙංගු රෝගය සඳහා අත් බෙහෙත් භාවිත කිරීමෙන් වළකින්න - විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න

ඩෙංගු රෝගය සඳහා සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයකු නියම කරන ඖෂධ හැර කිසිදු අත් බෙහෙතක් ඩෙංගු රෝගීන්   භාවිත නොකළ යුතු බව බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න අවධාරණය කරයි.

විශේෂයෙන්ම: පැපොල් කොළ යුෂ යනාදි අත් බෙහෙත් භාවිත කිරීම නිසා ඇතැම් ඩෙංගු රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇති බවත්, එමෙන්ම විවිධ අසීරු සංකූලතාවලට මුහුණපා ඇති බවත් කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න පෙන්වා දෙයි. එබැවින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන  විවිධ පණිවිඩ අනුව ඖෂධ සකසා ගැනීම හෝ භාවිත කිරීම කිසිදු අයුරකින් නොකළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ අතර වත්මන් ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ  ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට විශේෂිත සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ දී ජූලි 31වන සිකුරාදා සිට ආරම්භ වන බව  අධ්‍යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර පවසයි.

ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන රෝගීන්ට බොරැල්ල  ජාතික ආයුර්වේද රෝහලට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නැයි  එම වෛද්‍යවරයා ඉල්ලා සිටී.

ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් - ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න