ලංකාවට ආපදාවෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ යෝජනා කිහිපයක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමටද කටයුතු කොට තිබූ බවත්, ආපදා තත්ත්වය හමුවේ කලබල නොවන ලෙසත්, ආපදාව සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් කොට වන්දි පූර්ණය සහ විනාශයට පත්වුණු යටිතල පහසුකම් ගොඩනැගීම සම්බන්ධයෙන් කොපමණ මුදලක් අවශ්‍යද යන්න පළමුව සොයාබලන ලෙසත් ගෙනා යෝජනාව ඉන් ප්‍රමුඛ වී ඇති බවත් පැවසේ.
ජනවාරිය දක්වා කාලය ගෙන එම කටයුතු සිදුකරන ලෙසත්, ඉන් අනතුරුව එම වාර්තාව ජාත්‍යන්තරයට ඉදිරිපත් කොට ජාත්‍යන්තර මට්ටමේ ආධාර සමුළුවක් සංවිධාන කිරීමට මූල්‍ය අරමුදලට හැකියාව ඇති බවත් ඔවුන් විසින් ආණ්ඩුවට දැනුම් දී ඇත.එහෙත් ආණ්ඩුවේ ප්‍රතිචාරය තවමත් ලැබී නැතැයි පැවසේ.

