මම මේ ලියන්නේ මගේ අවසාන දේශපාලන විග්‍රහය යි. මම දේශපාලනය වෙනුවෙන් ලියා ඇත්තේ අනුර කුමාර වෙනුවෙන් පමණයි. නමුත් මම දැන් සැකය සහ විශ්වාසය අතර අතරමං වී ඇත්තෙමි. මම මේ කිසිම දේශපාලන සංස්කෘතිය කට හෝ දේශපාලන කඳවුරකට අයිති නැත්තෙක් වෙමි. අනුර වෙනුවෙන් මා රචනා කළ පහත සඳහන් රචනා මා ඉල්ලා අස්කර ගනිමි. ඒවා රචනා කිරීම සහ ඔබට කියවීමට සැලැස්වීම ගැන දැන් මා කනගාටු වෙමි.
https://www.facebook.com/share/p/1D4ESdjnFm/
https://www.facebook.com/share/p/1NxDaxMy6o/
මම දකින දේශපාලනය සහමුලින්ම වෙනත් එකක්. මම දේශපාලනය විදිහට දකින්නේ මේ මහ පොළොවේ මිනිසුන් තරු විමන්වලට ඔසවා තබන විෂයක් ලෙස පමණයි. මම කතා කරන දේශපාලනය සඳ, තරැ සහ පහන් තාරකාවන් ගැන. නමුත් මේ මහ පොළොවේ දේශපාලනයේ නිරත වූවන් කරන දේශපාලනය ශත වර්ෂ ගණනාවක් මහපොළොවේ ගුරුත්වාකර්ෂණයට නතු වූ පොළොවේ බඩ ගාන උරගයින් වැනි ය. එනිසා මේ ත්‍රාඩ දේශපාළුවන් අහස, සඳු සහ තාරුකා ගැන හාංකවිසියක් වත් නොදන්නා හුදු කාබනික ශරීර පමණයි.
චණ්ඩ මාරුතයට ගසාගෙන ගිය අභිලාෂ
මා පසුගිය මාස කිහිපය තුළ දේශපාලන කරළියේ සිදුවන පෙරළීන් හොඳින්ම නිරීක්ෂණය කළා. මම අනුරව දේවත්වයෙන් යුතුව විශ්වාස කළා ඔහු නිදහස් අවකාශයක් සහිත මනුෂ්‍ය මිටියාවතක් නිර්මාණය කරාවි යැයි කියා. දැන් ඒ පිළිබඳව සියලු අභිලාෂ චණ්ඩ මාරුතයකට හසුව ගසා ගෙන ගොස් නටබුන් නෂ්ඨාවශේෂ බවට පත්ව ඇත.
දේශපාලන බත්බැළයා යනු නිදහසින් පසුව පර සුද්දාගේ බලය මාරුවූ හෙළ ජාන නොවූ බොරු මාන්නක්කාර වලව් පෙළැන්තීන්වලින් ජනනය වූ අහේතුක මිනිස් කොටසකි. 1950 දශකයේ සිටම භූමියේ දේශපාලනය වෙනුවෙන් උර දුන් බණ්ඩාරනායකලා, සේනානායකලා, රත්වත්තේලා, ජුනයිඩ් රිචඩ් ජයවර්ධනලා ගේ සිට මහදවල් මහ බැංකු මංකොල්ලය සිදුකළ වික්‍රමසිංහලා දක්වා සියලු ම දෙනා අයිති වෙන්නේ මේ මහ පොළොවේ සිංහල මිනිස් අයිතිය මංකොල්ල කාපු කුලකයටයි.
එයින් පසුව ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා, රාජපක්ෂලා වුව ද කළේ මෙම දේශපාලනික සාපය 76 අවුරුද්දක් කරා ඇදගෙන යෑම පමණි.
වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ රෝහණ විජේවීර අතර වෙනස
1960 දශකයේ මේ මංකොල්ලකාරී රදල පෙළැන්තියේ දේශපාලනයට එරෙහිව නිර්ධන පාන්තික මිනිසුන් වෙනුවෙන් විප්ලවීය සටන දියත් කළ රෝහණ විජේවීර පවා කිසිදු මානවීය ගුණයක් ප්‍රකට නොකළ අසමත් දේශපාලනික කුමන්ත්‍රණකරුවකු විනා අන් කිසිවෙකු නොවේ. 1971 සහ 1988-1989 කැරලිකාර කුමන්ත්‍රණ තුළ අති විශාල තරුණ පරම්පරාවක් මරා දමා, ගිණිය නොහැකි තරම් මහජන සම්පත් දේපළ විනාශය කරා ඇද දැමා නිර්ධන පාන්තිකයන් කබලෙන් ලිපට ඇද දැමුවා මිසක අල්පෙනෙත්තක තරම් දෙයක්වත් නිර්ධන පාන්තිකයන් වෙනුවෙන් කර නැත. අඩ සියවසක පමණ කාලයක් රට ආපස්සට හැරවූ වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ රෝහණ විජේවීර අතර මා කිසිදු වෙනසක් නොදකිමි.
System Change එකක් කිරීමට ගිවිසගත් ජෙප්පන් මාලිමාවේ වැරදි දිසානතිය සමග ආරම්භ කළ නව ආණ්ඩුකරණය මේ කෙටි කාලය තුළ සිදු කර ඇත්තේ අවුරැදු 75 ක සාපය එලෙසම පවත්වාගෙන යෑමට සහ හුස්මක් ගැනීමට පවා අපහසු තත්ත්වයේ, මරණ මංචකයේ තිබූ රටක් ගෙල මිරිකා මරා දමන තත්ත්වයකටයි.
විශ්වාසය පළුදු වූයේ කෙසේ ද?
අද අප ජීවත් වන්නේ ඉතාමත් තීරණාත්මක කාල සමයක බව ඔබට පැහැදිලි විය යුතුය. වර්තමානයේ ආණ්ඩු කරවන සියලු ම ජෙප්පන් 88-89 භීෂණ සමයේ නිර්ධන පාන්තිකයින් ගේ බත් මුට්ටියේ සිට සියලු ම දේ මංකොල්ල කා, සටන පාවාදී, සැඟවී සිටි, පුනරුත්ථාපනය වූ හෝ නොවූ, කිසිදු මානවීය හිතවාදී ගුණයක් නොමැති, අතිශය කර්කෂ කාබනික ශරීර අටල්ලන් මිස නිර්ධන පාන්තික මිනිසුන් ගේ ගැලවුම්කරුවන් නොවන බව මට හොඳටම දැන් විශ්වාසයි.
අනුර ගැන සුවහසක් වූ විශ්වාස තැබූූ මා පළමුවෙන්ම කඩා බිඳ වැටුණේ අනිවාර්ය පරීක්ෂාවකින් තොරව අධි අවදානම් සහිත බහාලුම් 300 කට අධික ප්‍රමාණයක් මුදා හැරීමේ චෝදනාව සමග ය. එයින් පසු බාල ගල් අඟුරු ටෙන්ඩරය, කාන්ත ලාල් සහ වපර වසන්ත හදිසියේ කෝටිපති සිටුවරුන් වීම, LGBTQ ස්ථාපනය කිරීම උදෙසා 6 ශ්‍රේණිය පාඩම් පොතට වැල සයිට් ඇතුළත් කළ ආප්ප හරීනි, බට්ටා පනින්නා සේ හෝටල් කාමර තුළ කොටු පනින හොටුහච්චිලා ඇතුළු අවිධිමත් කරැණු බොහෝය.
ජෙප්පන් සොම්බින් බවට පත්වීම
එනිසා, අවසාන වශයෙන් අනුර යනු wrong number එකකි. මරා රාජපක්ෂ, රනිල් රාජපක්ෂ සේ මොහු අනුර රාජපක්ෂයි. මොවුන් සියල්ල එකම network එකකි. ලොව භයානක ම හැකරැන් කණ්ඩායම මොවුන්ය. රනිල් රාජපක්ෂ බැංකු මංකොල්ලය සිදු කළේ භාණ්ඩාගාර බිල්පත් හරහායි. අනුර රාජපක්ෂ සෘජුවම මහා බැංකුව කඩා මංකොල්ලකයි.
දැන් ඔයාලට තේරෙන්න ඕනා, ශතවර්ශ පහකට අධික කාලයක් 1815 ගිවිසුම හරහා සුද්දාට රට පාවා දෙමින් ඔත්තු සපයමින්, සුද්දාට බැළ මෙහෙවර කරමින්, සුද්දාට වන්දි බට්ට, ස්ත්‍රෝත්‍ර ගී ගායනා කරමින්, බොරු ගෞරව සන්නාම ලබමින්, නම් ගොත් පෙළපත් පවා වෙනස් කරමින් අවුරැදු 76 ක සාපය උදාකළ හෙළ ජාන නොවූ බොරු වළව්කාර බත්බැළයින්ටත් වඩා මේ මාක්ස්වාදයේ හෝඩිය වත් නොදන්නා, බොරු වාමාර්ථ පැලවත්තේ ජෙප්පන් නිශ්චිතවම සොම්බීන් බව.
ආදරෙයි හැමෝට ම...!
ප්‍රියන්ත විතානගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
