‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
වී සඳහා මිල තීරණය කර ඇත්තේ විද්‍යාත්මක පදනමක් මත බැවින් රුපියල් 120ක් වන රජයේ නිර්දේශීත මිල යළි ඉහළ නොදමන බව කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු අතර රාජ්‍ය නිලධාරීන්ගේ සහතිකය පමණත් ප්‍රමාණවත් බවත්, සහන ලබාගැනීම සඳහා සිවිල් පුරවැසියන් ගේ නිර්දේශ ලබා ගැනීම අනවශ්‍ය දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
පසුගිය 2014 සහ 2015 වසරවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොසට රුපියල් 15,157,031,018 ක පාඩුවක් සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.
ලංකා සතොස ලිමිටඩ් ආයතනය 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.
මෙහිදී කාරක සභාව පෙන්වා දී ඇත්තේ 2014 සහ 2015 වර්ෂවලදී සිදුකර තිබුණු ආනයනික සහල් සඳහා රුපියල් 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණද එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රුපියල් 11,854,949,124 ක ආදායමක් බවය.
ඒ අනුව දේශීය සහල් වෙළෙඳපොළ තත්ත්වය වී අස්වැන්න ලැබීම සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු නොකර විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් මේ හේතුවෙන් රුපියල් 15,157,031,018ක පමණ මුදලක් සතොස ආයතනයට පාඩු සිදුව ඇති බවත් කාරක සභාව පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර ඇත්දැයි කාරක සභාව පැමිණි නිලධාරීන්ගෙන් විමසා ඇති අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනුකරදීමට භාරදී ඇති බවය.
තවද සුදුසු පරිදී ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අයවිය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බවද කෝප් කමිටුව විසින් මෙහිදී පෙන්වා දී තිබේ.
සමාගමේ ගොඩනැගිලි කුලියට ගැනීමේදී මාර්ගෝපදේශ අනුව ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අනාගතයේ වෙළෙඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අතිකාරම් නොගෙවිය යුතු වුවත් පසුගිය 2020 දෙසැම්බර් 31 වන විට ගිවිසුම් 29ක් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අතිකාරම් මුදල් ලෙස රුපියල් 34,234,996ක ඇස්තමේන්තුවක් ලබා ගැනීමකින් තොරව ගෙවා ඇති බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දී ඇත.
සේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රුපියල් 27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් නඩු පවරා ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.
(aruna)
පවතින අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම, එය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික ක්‍රම හඳුනාගැනීම සහ පිරිවැය අවම කිරීම සඳහා නවීන තාක්ෂණ භාවිතය අරමුණු කරගෙන සහස්යා ආයෝජන සමාගම පිහිටුවීමට 2020 ඔක්තෝබර් 12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.
(Lionel Bopage) :
හිතවත් රාමනා මහතාණෙනි, රොටරි සහ සෙසු මිතුරනි,
මුලින්ම මම පැහැදිලි කරන්න කැමතියි. මම රොටරි සාමාජිකයෙකු නොවෙයි. ඒත් මම පෝල් හැරිස් සම්මානලාභියෙක්. වසර කිහිපයක් තිස්සේ මම ඕස්ට්‍රේලියාවේ රොටරි සාමාජිකයන් සමඟ කටයුතු කර තිබෙනවා, විශේෂයෙන්ම හරන් රාමචන්ද්‍රන් මහතා සමඟත්, අවශ්‍යතාවලින් පෙලෙන ජනයා වෙත ප්‍රායෝගිකව සහාය වීමේ කටයුත්තේ දී ශ්‍රී ලංකාවේ රොටේරියානු සාමාජිකයන් සමඟත්. ඒ නිසා අද මම කතා කරන්නේ රොටරි මිතුරෙකු ලෙස, සාමාජිකයෙකු ලෙස නොවෙයි.
ලංකා සළුසල ආයතනය මගින් රජයට හිමි විය යුතු "වැට් බදු" ගෙවීම පැහැර හැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි එම ආයතනයේ සභාපති දිනුක් ඈස්ලි විජේසිංහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි ඊයේ (21) නියෝග කළේ ය.
ශ්‍රමය විකිණීම (රැකියාව) සඳහා කාර්යාලයකට හෝ කර්මාන්ත ශාලාවකට පැමිණි පසු එම ස්ථානයෙහි හැසිරිය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් නොමැති වීම ලෝකයේ ම පැන නැගුණ ප්‍රශ්නයක් බවත්, එය කළමනාකරණය කර ගැනීම සඳහා ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය නමැති විෂය ද සමාජ ගතවූයේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මුහුද හරහා කිසිවකු ස්පාඤ්ඤයට පැමිණියේ නම් (අනවසරයෙන් හෝ) ඔහු හෝ ඇය ආපසු හරවා යැවිය නොහැකි යැයි ස්පාඤ්ඤයේ ඉහළ ම අධිකරණය ජූලි මාසයේ මැද දී පමණ නීති තර්කයක් ගෙනවිත් ඇති බවත්, එම උසාවි තීරණය ඇතැම් මිනිස් ජාවාරම්කාර තැරැව්කරුවන් තමන්ගේ වාසියට භාවිත කර ඇතැයි බටහිර මාධ්‍ය පවසන්නේ යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පැවසී ය.
ජූනි 8 සිට 12 දක්වා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, House Democracy Partnership (HDP) සහ එක්සත් ජනපද කොංග්‍රස් අයවැය කාර්යාලය (CBO) සමග සහයෝගයෙන්, රජයේ වියදම්, ආර්ථික ප්‍රතිපත්ති සහ යෝජිත නීති සම්පාදන ස්වාධීනව විශ්ලේෂණය කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සහාය ලබා දෙයි.
දකුණු ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ඇතිවූ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඇප මත මුදා හරින ලෙස කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කරයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 17661/2026 දරන නඩු අංකය යටතේ අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
සාගර විද්‍යාව වෙනුවෙන් කළ සේවය උදෙසා බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය වසරේ විද්‍යාඥයා සම්මානය සඳහා නිර්දේශ වී ඉන් ජනතා මනාප සම්මානය දිනාගන්නට ශ්‍රී ලාංකීය සාගර විද්‍යාඥයා, මහාචාර්ය චරිත පට්ටිආරච්චි සමත් වී ඇත.
සාගරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීම සඳහා කලක සිට සාකච්ඡා මට්ටමින් තිබූ 'BBNJ'(Biodiversity Beyond National Jurisdictions) ගිවිසුම බලාත්මක කර තිබේ.
වර්තමාන සමාජ ක්‍රමය දෙස බලන ඕනෑම නිරීක්ෂකයෙකුට පෙනී යන පැහැදිලි සත්‍යයක් පවතී. එනම් අප ජීවත් වන්නේ ශිෂ්ටාචාරමය වශයෙන් සහ සදාචාරාත්මක වශයෙන් අතිශය දරුණු ලෙස බිඳ වැටුණු අර්බුදයම තම පැවැත්ම කරගත් සමාජයක ය. දූෂිතයින් සහ අපරාධකරුවන් පද්ධතියේ ඉහළ ම තැන්වල වැජඹෙමින් නීතිය සහ යුක්තිය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවන විට සාමාන්‍ය පුරවැසියාට තමන් ගේ දෛනික ජීවිතය පසෙක තබා යුක්තිය ඉල්ලා මහමග හඬ නැගීමට සිදුව ඇත. මෙය හුදෙක් සිවිල් වැසියන් ගේ වරදක් නොව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ ම සහ පාලන ව්‍යුහයේ ම පවතින පද්ධතිමය බිඳවැටීමකි.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු බරණැසට වැඩම කර පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ සාරානාත් පුදබිමේ ධම්මික ස්තූපය (Dhamek Stupa) ලෝක උරුමයක් ලෙස නම් කිරීම පිළිබඳව යුනෙස්කෝ සංවිධානයට සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ප්‍රමුඛ ඉන්දීය රජයට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ පුණ්‍යානුමෝදනා පූර්ව කෘතඥතාවය පළ කර සිටියි.
ශ්‍රී ලාංකීය කලා සංස්කෘතික ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබන "කොළඹ සාහිත්‍ය උළෙල 2026" (Colombo Literary Festival 2026) ශ්‍රී ලාංකීය පාඨකයන්, ලේඛකයන් මෙන්ම සමස්ත කලා ලෝලීන්ටම නවමු බුද්ධිමය සහ සංස්කෘතික අත්දැකීමක් ලබා දීමට මෙන්ම, මෙරට සංස්කෘතික ඉතිහාසයේ සුවිශේෂ සලකුණක් තැබීමට ද නිසැකව ම ඉවහල් වනු ඇත.
පුළුල් පරාසයක විහිදී ඇති සාහිත්‍යය හුදෙක් පොත් ප්‍රදර්ශනයකට පමණක් සීමා නොකිරීම අගය කළ යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන නව පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

