පුරුදු පරිදි ලංකා විදුලි බල මණ්ඩලය මෙවරත් 11.57% විදුලි ගාස්තු වැඩි වීමක් උපයෝගිතා කොමිසමින් ඉල්ලා ඇත.
මෙරට ආර්ථික ස්ථායිතාවය ඇති කිරීමට, සංචාරක කර්මාන්තයේ දියුණුව අපේක්ෂාවෙන් ඊට අදාළ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) එක්සත් ජනපද ඩොලර් මිලියන 300 ක මූල්‍ය ආධාර ලබාදීමට ගිවිසුම්වලට එළඹිණි.
ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි, සත්ව පාලන සහ ධීවර ප්‍රජාව ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපා සඳහා අවශ්‍ය පූර්ව ප්‍රකෘතිමත් කිරීමේ සහාය ලබාදීමට, ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ජාත්‍යන්තර ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානය විසින් ආයාචනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉහළ අගයක් එකතු කරන නිෂ්පාදනවලට හා අපනයන ක්ෂේත්රයට තවත් වැදගත් ශක්තියක් එක් කරමින්, බියගම අපනයන සැකසුම් කලාපයේ (BEPZ) Asahi Dyes and Chemicals SL (Pvt) Ltd. හි අති නවීන නිෂ්පාදන කර්මාන්තශාලාව 2026 අගෝස්තු මස 06වන දා නිල වශයෙන් විවෘත කළේ ය.
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ කැපී පෙණෙන වෙනසක් ඇති කරමින් දේශීය නව ආරක අවන්හල් සත්කාර සේවා සපයන්නකු ලෙස පෙරට ඒමට කුකුස් අවන්හල සමත්ව ඇත.
සම්මානිත මහාචාර්ය විජිතපුර විමලරතන හිමි විසින් රචිත "ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩපණ කළ තුවාල 64" සහ මහාචාර්ය විමලරතන හිමි සහ පුෂ්පකුමාර විසින් රචිත "Debt Crisis in Sri Lanka: Facts and Fallacies" යන කෘති කොළඹ වෘත්තීය සංගම් මූලස්ථානයේ (OPA) දී මෙම මස 30 වැනිදා එළිදැක්වීමට නියමිත ය.
මහාචාර්ය චන්න ජයසුමන ලියා පළ කරන "උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය" ගවේෂණාත්මක කෘතිය මාර්තු 4වන දා සවස 3ට කොළඹ 07, බෞද්ධාලෝක මාවත බෞද්ධ මහා සම්මේලන ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
ඇමරිකාවේ NAIA කාණ්ඩයේ විශ්වවිද්‍යාල අතර මළල ක්‍රීඩා තරගාවලියේ Tennessee invite Athletics Championship තරගාවලිය Tennessee විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. ඒ සඳහා මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ කෙහාන් කුමාරසිරි ඇමරිකාවේ Indiana Tech විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහි දී ඉහත තරගය නියෝජනය කරමින් තරග කළේ ය. අනතුරුව ඔහු, විවෘත අංශයේ මීටර් 400m මුලික වටයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්විය. ඔහු දැක්වු දක්ශතාව 48.5 ලෙස සටහන් විය.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ඛනිජ වැලි ඇතුළු මෙතෙක් විධිමත් ආකාරයකට කැණීම් සිදු කර සොයා නොගත් අංශ සහ තවත් ආයෝජන අංශ රැසකට නව ආයෝජකයින් කැඳවාලීමට අඩිතාලම දැමීමට ඉකුත්දා තායිවානයේ පැවැත් වූ ගෝලීය ආයෝජන සමුළුවට එක්වීමෙන් හැකිවූ බව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ සහ ජාත්‍යන්තර ආයෝජන උපදේශක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ගංවතුර සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහය දැක්වීමේ පියවරක් ලෙස බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ රජය විසින් අධි ධාරිතාවයෙන් යුත් ජල පවිත්‍රකරණ ඒකක 10ක් පරිත්‍යාග කරන ලදී.
මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ( HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශණය වැළැක්වීමට රුධිරය පරීක්ෂා කිරීම කලක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. එම ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහන (Dual Elimination) සාර්ථක බවටත්, මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ( HIV) හා උපදංශය (Syphilis) සම්ප්රේශණයවීම වැලැක්වු රටක් ලෙස වසර 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ශ්‍රී ලංකාවට ලැබුණි. එසේම අඛණ්ඩව මෙම සාධනීය තත්වය පවත්වාගෙන යන රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය හා ප්‍රශංසාව හිමිවිය.
මැදපෙරදිග යුද වාතාවරණයක් පැවතියා වුව ද මේ වසරේ ජූනි මාසය වන විට විදේශ ණය ආපසු ගෙවීම් සමගින් වුවත් ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.45 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන පද්ධතිය තුළ පසුගිය වසර කිහිපය තුළ සිදුවූ විශාලතම පරිවර්තනය වන්නේ ජනතාව ගේ දේශපාලන මනස තුළ ඇති වූ ගැඹුරු වෙනසයි.
මෙරට නව අමෙරිකානු තානාපතිවරයා ලෙස පත්වීමට නියමිත එරික් මේයර් මහතාගේ අදාළ පත්වීම් කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව අමෙරිකානු සෙනෙට් මණ්ඩල වාර්තා පෙන්වා දෙයි.
අධිකරණ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය සුරුකීම සඳහා 2026-07-29වන දා පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ විශේෂ සභා රැස්වීමට samagi lawyers federation හි පූර්ණ ආශිර්වාදය පළ කර සිටින බවත්, එම රැස්වීමට සහභාගි වී මෙරට අධිකරණ ස්වභාවය සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමට දායක වන ලෙස සමස්ත නීතිඥ ප්‍රජාව වෙතින් ඉල්ලා සිටින බවත් samagi lawyers federation සඳහන් කරයි.
01 පියවර: කොළොන්නාවට නව තෙල් ටැංකි 08ක්
යුරෝපා සංගමයේ වන විනාශය වැළැක්වීමේ නව රෙගුලාසි (EUDR) සහ කුඩා පරිමාණ වගාකරුවන්ගේ ඉඩම් ඉලක්ක කරගත් රජය විසින් මෙහෙයවනු ලබන සිතියම්ගත කිරීමේ වැඩසටහනක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය තීරණාත්මක අදියරකට අවතීර්ණ වී ඇත.
ශ්‍රී ලංකාවේ දිගුකාලීනව පවතින රාජ්‍ය අංශයේ අනවශ්‍ය සේවක බඳවා ගැනීමේ ගැටලුව 2025 වන විට තීරණාත්මක ආර්ථික තර්ජනයක් ලෙස නැවත මතු වී තිබේ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව (HNB) එක්ව 2026 ලෝක ආහාර දිනය වෙනුවෙන් 'යෞවන නවෝත්පාදන අභියෝගතාව' (Youth Innovation Challenge) ආරම්භ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

