විවිධ අපරාධ ක්‍රියා සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන පාතාල ක්‍රියාකාරී කෙසෙල්බද්දර පද්මෙ, නිලංග සම්පත් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් දෙනෙක් නිරීක්ෂණය කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය.
ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකළ බවට සැක මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරියා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
මෙරට සුඛෝපභෝගී වාහන ආනයනය ඉහළ ගොස් ඇත.
පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I සහ II කලාප එළඹෙන 2026 සැප්තැම්බර් මස 14වැනිදා සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා මාසයක කාලයකට සියලුම සංචාරකයින් සඳහා තාවකාලිකව වසා තැබීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
2025 සැප්තැම්බර් මස 30 වන දා වන විට අපේක්ෂිත ඉලක්කයෙන් 117%ක් සපුරාලීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගු පවසයි.
ශ්‍රී ලංකාවේ සන්නිවේදන, සමාජ, ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර සංවර්ධනයට කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය යොදා ගැනීමේ සහ නව ආයෝජන කැඳවා ගැනීමේ අරමුණ ජය ගැනීමට AI Week සතිය නමින්වූ ජාතික වැඩසටහනක් සැප්තැම්බර් 28 වෙනිදා සිට ඔක්තෝම්බර් 04 වෙනිදා දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මේ වසරේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 2.1% දක්වා වැඩි වී තිබේ.
ජාත්‍යන්තර කාන්තා දිනය සමරණ මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් අවබෝධ කර ගන්නේ කාන්තා අයිතිය එක් දිනයකට පමණක් සැමරීම ක්‍රියාවට නැංවීම සීමා නොකර පැය 24ම දවස් 365ම කාන්තා අයිතිය ජයග්‍රහණය කරවන රටක් බවට අප රට පත් කිරීමට අප සියලු දෙනාම කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ධනවාදය යනු ෆැන්ටසි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් පමණක් බවත්, එබැවින් ම ධනවාදයට සැබෑ ආදරය සඳහා වටිනාකම් දිය නොහැකි යැයි ද සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ලාඕසය බලා ප්‍රති අපනයනට සූදානම් කර තිබූ කි.ග්රෑ. 35.7 ක වාර්තාගත රයිනෝසිරස් අං තොගයක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගැනේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ දිනවල සිංගප්පූරුවේ සිදු කරන සංචාරය අතරතුර සිංගප්පූරුවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියේ (A*STAR) සංචාරක නිරත වීමට ද කටයුතු කළේ ය.
සිගරට් බදු කපා හැරීම නිසා 2025 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රජයට ලැබීමට තිබූ රුපියල් බිලියන 25කට අධික බදු ආදායමක් අහිමිව ඇති බව අනාවරණය වේ.
‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත හානියට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ශ්‍රී ලංකා රජය 2025 දෙසැම්බර් මුල් භාගයේදී ''ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ අරමුදල'' (Rebuilding Sri Lanka Fund) ප්‍රකාශයට පත් කළේ ය. මිනිස් ජීවිත සිය ගණනක් බිලිගනිමින්, පුද්ගලයින් 233,000 කට අධික පිරිසක් අවතැන් කරමින් සහ ගොඩනැගිලි, කෘෂිකර්මාන්තය මෙන්ම තීරණාත්මක යටිතල පහසුකම්වලට දැඩි හානි පමුණුවමින් දිත්වා සුළි කුණාටුව දැඩි විනාශයක් ඇති කළේ ය. ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති පරිදි 2025 දෙසැම්බර් 22 වන දින වන විට ඉන් සිදු වූ සෘජු භෞතික හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1 කි.
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් යන දෙදෙනාට අධිකරණයෙන් සිතාසියක් ලද හොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස අද (29) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන දැනුම් දුන්නේ ය.
ඇති වූ ස්වභාවික විපත් හේතුවෙන් සිදු වූ විපත් හා හදිසි ආපදා තත්ත්වයන් කලමනාකරණය කිරීම, නැවත යථා තත්ත්වය ගැනීමට හෝ පෙර තිබුණාට වඩා දියුණු තත්ත්වයකට ගැනීමට යන ත්‍රිවිධ ක්‍රියාවලියේ වගකීම ආණ්ඩුව සතුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
සිනමාවේ ප්රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සියදිවි නසාගැනීම් සහ ඒ ආශ්රිත සිදුවීම් වාර්තා කිරීමේ දී මාධ්‍ය සදාචාරය රැකගැනීම සහ වගකීම් සහගත භූමිකාව පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ විශේෂ උපදේශන වැඩමුළුවක් (Advocacy workshop on responsible media reporting on suicide for media personnel) අද (16) බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටලයේ දී සාර්ථකව පැවැත්විණි.
රටක ව්‍යාපාරික ප්‍රජාව දියුණු වීමට නම්, ඔවුන් සැකයකින් තොරව ආයෝජනය කිරීමට නම්, ආනයන ක්ෂේත්රයෙහි සිටින සියලු වෙළඳ ප්‍රජාව වෙත සාධාරණ මෙන් ම සමාන ලෙස බදු නියම කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
සියලුම රාජ්‍ය ආයතනයන් හි තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය එළැඹෙන මැයි 31 දින සිට නතර කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දන්වා තිබේ.
ඊයේ මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකය සිදුවූයේ පළමු දිනයේ සිද්ධියෙන් අනතුරුව සාමකාමී තත්ත්වයට පත්ව තිබූ බන්ධනාගාරයට රාජ්‍ය නිලධාරින් පිරිසක් කඩා පැනීම හේතුවෙන් යැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ ප්‍රධාන විධායක රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

