සිද්ධියක් දෙකක් සිදු වුණු අවස්ථාවක ඒ සිද්ධිය දෙස උඩින් පල්ලෙන් බලලා ක්ෂණික පිළිතුරු හොයනවාට වඩා, සිද්ධියට පදනම් වුණු පසුබිම්ගත තත්ත්වය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරලා දීර්ඝ කාලීන විසඳුම් හොයන්න ඕනෑ. ඇත්ත වශයෙන් ම කියනවා නම් රටක ‘පර්යේෂණ සහ සංවර්ධනය’ යටතේ සැලකිය යුතු ආයෝජනයක් වෙන්කළ යුතු අංශයක් තමයි මේ සිරකරුවන් පුනරුත්ථාපනය සහ සිර කඳවුරු කළමනාකරණය කිරීම කියන ක්ෂේත්රය. එය එසේ සිදුවී නොමැති වීම කණගාටුවට කාරණයක්. ඉන්දියාව බඳු අපේ රටට ඉතා සමීප අත්දැකීම් සහිත රටවල මෙවැනි ගැඹුරු පර්යේෂණ සහ සංවර්ධන විමර්ශන කර තිබෙනවා. ඒවායේ නිර්දේශ අපට නියමු ව්‍යාපෘති සඳහා යොදා ගත හැකි යි.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා සිවිල් සමාජය සියවසකට අධික කාලයක් පුරා ඉටු කළ සුවිශේෂී සමාජීය සහ දේශපාලනික මෙහෙවර සිහිපත් කරන "ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ ගමන් මඟ" යන තේමාව යටතේ සංවිධානය කරන ලද ඓතිහාසික ඡායාරූප ප්‍රදර්ශනය 2026 ජූලි 6 වන සඳුදා පස්වරු 1.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ 07, Lighthouse Auditorium & Lawns පරිශ්‍රයේ දී පැවැත්වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සමග එක්ව 2026 ජූනි 15වන දා එනම් අද ට යෙදී ඇති ජාත්‍යන්තර ගෘහ සේවක දිනය නිමිත්තෙන්, ලොව පුරා සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා ආරක්ෂාව ශක්තිමත් කිරීම
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු දෙමළ ජාතික කාන්තාව වන උමා කුමරන්, නව අගමැති ඇන්ඩි බර්නම් විසින් නියෝජ්‍ය අමාත්‍ය පදවියකට පත්කරනු ලැබ තිබේ.
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
මම ඩඩ්ලි සේනානායක දකින්නේ බුද්ධිය සහ හදවත හොඳින් යා කළ දුර්ලභ චරිතයක් ලෙසිනි. මානව දයාව සපිරි ඒ චරිතය දේශපාලනය අලංකාර කළ, කලාතුරකින් දැකිය හැකි මනුෂ්‍ය රත්නයකි. ඔහු ගේ දේශපාලනය දෙස කුමන ඇසකින් බැලූ කෙනකු වුවද ඒ කිසිවකු ඔහුට වෛර කළේ නැත. දේශපාලන අදහස් අතින් වෙනස්කම් තිබුණ ද ඒ සියලු දෙනා ඩඩ්ලි සේනානායකයන්ට ආදරය කළහ. වාමාංශික වූව ද, දක්ෂිණාංශික වුව ද, බෞද්ධ වුව ද, හින්දු වුව ද, ක්‍රිස්තියානි වුව ද, මුස්ලිම් වුව ද, ලිබරල් වුව ද, සමාජ ප්රජාතන්ත්රවාදී වුව ද ඒ සැමගේ ගෞරවයට ඔහු පාත්‍ර විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙළෙහි තවත් එක් අදියරක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නා ලද තීන්දුවක් අනුව ශ්‍රී ලංකාව පුරා ඇති සියලු ම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිස්ත්‍රික් බල මණ්ඩලය සහ අනුබද්ධ සංවිධාන යාවත්කාලීන කර ඇත.
අද දේශපාලන මණ්ඩලය රැස් වී ඉදිරි මැයි දින රැළිය පවත්වන්නේ කොතැන ද, පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් පරිදි, වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් (Intermediate Cadre) පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කිරීම සහ ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් නිල වශයෙන් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පියවර ගෙන ඇත.
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඊයේ (31) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ලංකාවේ ඉහළ උසාවි සම්පූර්ණයෙන් ම පාහේ පුරුෂ පාර්ශවයෙන් පුරවා ඇති බවත්, කාන්තාවන්ට දැන් දැන් එහි ඉඩක් ඇත්තේම නැති තරම් යැයි ‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානයේ කැඳවුම්කාරිනී සුවන්ති වීරසේකර පැවසුවා ය.
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර ලබා දුන්නා.
රහස් පොලිසියේ අධ්යක්ෂ ජ්‍යේඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගේ දියණිය පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සඳහා කරන සැලසුමක් පිළිබඳව අනාවරණය වී ඇතැයි මාධ්‍යවේ දී මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත පවසයි.
රහස් පොලිසිය භාරයේ තිබූ බුද්ධිමය දේපළක් සොරකම් කර ඇත්නම් එහි වගකීම බාරගත යුත්තේ රහස් පොලිසියේ ප්‍රධානියා වන ශානි අබේසේකර යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ආන්දෝලනය බරපතළ තැනකට තල්ලු වන බවක් පෙනේ.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම වටිනාකම මෙය වෙයි.
ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 26වන සමුළුව අද පැවැත්වුණා. ඒ කිර්ගිස්ථානයේ බිෂ්කෙක් නගරයේ දී.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා සමග සමීප සබඳතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් සහ තවත් විවිධ වරප්‍රසාද ලබාගත් බව කියන ප්‍රබල දේශපාලනඥයින් දසදෙනකුගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ වී යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන "ශිරාන් බාසික්" සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේ ය.
නොවැම්බර් මස 05 වැනිදා සිට 09 වැනිදා දක්වා ඉන්දියාවේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගනයේ පැවති 23 වැනි ආසියානු ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 35-40 ඛාණ්ඩයෙන් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හිටපු ධාවන ශූරී ශර්මිලා ශිවන්ති ජතිලක සමත් වූවාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

