ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළට

ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළට

දකුණු ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ඇතිවූ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අලුත් අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් එම අවන්හලේ සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම ගින්න හටගෙන තිබේ. ඒ හේතුවෙන් ගින්න ඇතිවන අවස්ථාවේ කොපමණ සංඛ්‍යාවක් සිටියාද යන්න නිල වශයෙන් මේ වනතෙක් තහවුරු වී නොමැත.

කෙසේ නමුත් ස්විට්සර්ලන්ත බලධාරීන් මේ වනවිට 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් බොහෝ දෙනෙකු දරුණු පිළිස්සුම් සහිතව සිටින බවටත් තහවුරු කර ඇත. එම ප්‍රදේශයේ රෝහල්හි දැඩි සත්කාර ඒකක පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන්ගෙන් පිරී ඇති බව වාර්තා වේ.

මෙම ගින්න අලුයම 1:30ට පමණ හටගෙන ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.ගිනිකෙළි හේතුවෙන් ඇති වූ පිපිරීමකින් මෙම ගින්න ඇති වූ බවට එරට පොලීසිය සැකපළ කරයි.

ගින්න පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් 10ක්, ගිලන් රථ 40ක් සහ හදිසි සේවකයින් 150ක් යොදවා තිබේ.

මුලාශ්‍රය :

Dozens killed, 100 injured in fire at Swiss ski resort bar, police say

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න