සැකකරුවන් රිමාන්ඩ් කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන නව පනතක්

සැකකරුවන් රිමාන්ඩ් කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන නව පනතක්

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන නව පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර  පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.

නඩු කල් යාම හෝ ඒ සම්බන්ධ ගැටලු මතුවීම එක් පුද්ගලයෙකුගේ එක් ආණ්ඩුවක ක්‍රියා කලාපයක් නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම කාරණය වසර 15ක් තිස්සේ පැවති තත්ත්වයක් බව පෙන්වා දුන්නේය.

අධිකරණය තුළ සිරවී ඇති නඩු ලක්ෂ 11ක ප්‍රමාණයක් 

මේ වන විට අධිකරණය තුළ නඩු ලක්ෂ 11ක ප්‍රමාණයක් සිරවී ඇති බව පවසන අමාත්‍යවරයා මෙරටට නඩු කටයුතු හෙබවීමට ප්‍රමාණවත් විනිසුරුවරුන් නොමැති බවද සදහන් කළේය. මේ වන විට අධිකරණ කටයුතු මෙහෙයවීම සදහා සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 20 දෙනෙකු බවත්, 442ක ප්‍රමාණයක කාර්ය මණ්ඩල හිගයක් 2024 වන විට පැවති බවත් ඔහු පැවසීය.

තත්ත්වය එසේ වුවද අධිකරණ කටයුතු වෙනුවෙන් කාර්යය මණ්ඩලය 4130ක් අලුතෙන් බදවා ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී තවත් බදවා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එසේම අධිකරණ කිහිපයක් අලුතෙන් ආරම්භ කළ බවත්, අල්ලස් නඩු වෙනුවෙන් අධිකරණයන් පිහිටුවීමට අමාත්‍යාංශය කටයුතු කර ඇති බවද සදහන් කළේය. තවද, ඉදිරි සති කිහිපය තුළ අධිකරණ දෙකක් නඩු කටයුතු වෙනුවෙන් ලබා දීමට නියමිත බවද ඔහු පැවසීය. එසේම අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රෙය් තවත් අධිකරණ 05ක් ඉදි කෙරෙන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

පළාත් අධිකරණවලටද ඉදිරියේදී ඩිජිටල්කරණය

රජයේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය අධිකරණ කටයුතු වෙනුවෙන් යොදවන බව සදහන් කළ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් අගවිනිසුරු ප්‍රීත් පද්මන් සූරසේන අධිකරණයන්ට උපදෙස් ලබා දී ඇති බවත්, පළාත් අධිකරණවලටද ඉදිරියේදී ඩිජිටල්කරණය හදුන්වා දීමට කටයුතු කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
අධිකරණ නිලධාරීන් නොබියව තීරණ ගත යුතු බවත්, ඉදිරියේදී නඩු කල් දැමීමක් සිදු නොවන අතර, කඩිනමින් තීන්දු ලබා දීමට කටයුතු කරන බවත් එමගින් අධිකරණවල පවතින අනවශ්‍ය තදබදය අඩුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

එසේම නඩු කටයුතු ප්‍රමාදයන් සදහා රස පරීක්ෂක වාර්තා ලැබීම්වල ප්‍රමාදයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න