Image

ස්වාධීනව අයවැය විශ්ලේෂණය කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට

ස්වාධීනව අයවැය විශ්ලේෂණය කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට

ජූනි 8 සිට 12 දක්වා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, House Democracy Partnership (HDP) සහ එක්සත් ජනපද කොංග්‍රස් අයවැය කාර්යාලය (CBO) සමග සහයෝගයෙන්, රජයේ වියදම්, ආර්ථික ප්‍රතිපත්ති සහ යෝජිත නීති සම්පාදන  ස්වාධීනව විශ්ලේෂණය කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සහාය ලබා දෙයි.

 

වැඩසටහනෙහි අන්තර්ගතය 

 කොළඹ දී සතියක් පුරා පැවැත්වෙන තාක්ෂණික සහාය හුවමාරු වැඩසටහනක කොටසක් ලෙස, HDP වැඩසටහන් කළමනාකාර මේගන් මුවර් සහ එක්සත් ජනපද කොංග්‍රස් අයවැය කාර්යාලයේ (CBO) විශේෂඥයින් වන මේගන් කැරොල් හා ක්‍රිස්ටි හෝලි ඇන්තනි යන අය ගෙන් සමන්විත දූත පිරිසක්, අයවැය අධීක්ෂණය සහ රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාති විශ්ලේෂණ සැපයීමේදී අනුගමනය කරන එක්සත් ජනපදයේ යහ පරිච සම්බන්ධ දැනුම හුවමාරු කර ගනිමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් 100 දෙනෙකු පමණ සමග කටයුතු කරමින් සිටිති. පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක (PBO) සැලසුම හා ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කිරීම, නීති සම්පාදකයින්ගේ තොරතුරු අවශ්‍යතා හඳුනා ගැනීම සහ දිගුකාලීන ආයතනික ධාරිතාව ගොඩනැංවීම සඳහා මාර්ග සිතියමක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ (COPF) කාර්ය මණ්ඩලය සමග පැවැත්වෙන වැඩමුළු සහ ක්‍රියාකාරී සැසි මෙම වැඩසටහනට ඇතුළත් වේ.

 

ආයෝජන සහ ආර්ථික වර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක්

 එක්සත් ජනපදයේ, අයවැය හා ආර්ථික කරුණු සම්බන්ධයෙන් විෂය මූලික විශ්ලේෂණ සැපයීම සඳහා, කොංග්‍රසය ස්වාධීන හා නිර්පාක්ෂික ආයතනයක් වන CBO මත විශ්වාසය තබයි. යෝජිත ප්‍රතිපත්ති සහ නීති සම්පාදනවල පිරිවැය, ආර්ථික බලපෑම් සහ දිගුකාලීන මූල්‍ය ප්‍රතිවිපාක තක්සේරු කිරීමට නීති සම්පාදකයින්ට උපකාර කරමින්, මෙවැනි ආයතන ලොව පුරා ව්‍යවස්ථාදායක ආයතනවලට සහාය ලබා දෙයි. පාර්ලිමේන්තු අධීක්ෂණය සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාරක සභාවලට සමාන විශ්ලේෂණාත්මක සහායක් ලබා දීම සඳහා PBO පිහිටුවීමේ හැකියාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සලකා බලමින් සිටී. මෙම සංචාරය අතරතුර, CBO විශේෂඥයින් අයවැය සහ රාජ්‍ය වියදම් පිළිබඳ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු අධීක්ෂණය ශක්තිමත් කිරීමට උපකාරී වන ප්‍රායෝගික මෙවලම් සහ එක්සත් ජනපද කොංග්‍රසයේ අත්දැකීම්වලින් ලබාගත් පාඩම් හුවමාරු කර ගනිති. මෙම දැනුම හුවමාරුව මූල්‍ය විශ්ලේෂණය පිළිබඳ ඇමරිකානු විශේෂඥතාව විදහා දක්වන අතර, වෙළඳාම, ආයෝජන සහ ආර්ථික වර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරමින්, ඉන්දු-පැසිෆික් කලාපය පුරා ස්ථාවර, විනිවිද භාවයෙන් යුතු සහ සමෘද්ධිමත් හවුල්කරුවන් ප්‍රවර්ධනය කිරීම සඳහා වන එක්සත් ජනපදයේ උත්සාහයන්ට සහාය දක්වයි.

 

එක්සත් ජනපද කොංග්‍රස් අයවැය කාර්යාලය (CBO) යනු...

 The House Democracy Partnership (HDP) පිළිබඳව The House Democracy Partnership (HDP) යනු ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාදායක ආයතන ශක්තිමත් කිරීම සඳහා කැපවූ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද්විපාර්ශ්වික කොමිසමකි. ආයතනික ධාරිතාව ගොඩනැගීම, විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ ව්‍යවස්ථාදායක අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා HDP සිය හවුල්කාර ව්‍යවස්ථාදායක ආයතන සමග සෘජුවම කටයුතු කරයි. එසේම, ව්‍යවස්ථාදායක ආයතන වඩාත් ඵලදායීව ක්‍රියා කිරීමට සහ තම පුරවැසියන් ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට උපකාරී වන මෙවලම්, යහ පරිච සහ මූලධර්ම ද HDP විසින් හුවමාරු කර ගනු ලබයි. එක්සත් ජනපද කොංග්‍රස් අයවැය කාර්යාලය (CBO) පිළිබඳව  කොංග්‍රස් අයවැය කාර්යාලය (CBO) යනු එක්සත් ජනපද කොංග්‍රසයට විෂය මූලික හා ස්වාධීන ආර්ථික සහ අයවැය විශ්ලේෂණයන් සපයන නිර්පාක්ෂික ෆෙඩරල් ආයතනයකි. 1974 දී පිහිටුවන ලද CBO, විමර්ශනයට ලක්ව ඇති නීති සම්පාදන සඳහා පිරිවැය ඇස්තමේන්තු, වසර 10ක අයවැය හා ආර්ථික ප්‍රක්ෂේපණ, සහ පුළුල් ප්‍රතිපත්ති අධ්‍යයන සකස් කිරීම මඟින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සහාය සපයයි. එමඟින් මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් සහ සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමට නීති සම්පාදකයින්ට උපකාරී වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න