#lk#srilanka#newstube

  • සිරදඬුවම් නියමවී ඇති ඉම්රාන් ඛාන්ට සහ බිරිඳට වසර 17ක සිරදඬුවමක්

    පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර ඇති ටොෂකානා දූෂණ නඩුවේදී, පාකිස්තාන වගවීමේ අධිකරණයක් ඔවුන් දෙදෙනාට වසර 17 බැගින් සිරදඬුවම් නියම කළේය.

  • සිරි­ලිය ගිණු­මේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ශිරන්ති හෙට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ, ශිරන්ති රාජපක්ෂ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට(27) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැඳවා ඇත.

  • සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය වෙතින් අල්ලස් කොමිසමට ලිපියක්

    X press Pearl නෞකාව ලංකාව මුහුදේදී ගිනිගෙන ගිලී යෑම හේතුවෙන් ලංකාවේ සාගර කලාපයට පරම හානියක් සිදු වූ බවත්, එම නිසා සමුද්‍ර ජීවීන්ට සහ ධීවර පවුල් දහස් ගණනකට බරපතළ අගතියක් සිදු වූ බවත් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසී ය.

  • සිසු සැරියට තවත් බස්රථ 200ක්

    'සිසු සැරිය' බස්රථ සේවාව තවදුරටත් විධිමත් කිරීම සඳහා මෙම වසරේ දී නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් අලුතෙන් එක්කිරීමට නියමිතව ඇත.

  • සිසුවියකට අතවර කළ සරසවි ආචාර්යවරයා ගැන පරීක්ෂණයක්

    වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විසින් සිසුවියක්ව බලහත්කාරයෙන් සිය නේවාසිකාගාරයේ රඳවා ගනිමින් අතවර කිරීමක් සිදුකර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

  • සිංහල ටෙලි - රිදී කලාවේ කුමාරයා; ප්‍රියන්ත සිරිකුමාර ලෝකයේ හොඳම සහය නළුවා වෙයි

    ලංකාවේ: වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයත් එකලෙස තමන්ගේ රංගන පෞරුෂයෙන් අලුත් කළ, අපේ කාලයේ සිටින විශිෂ්ටතම චරිතාංග නළුවෙකු වන ප්‍රියන්ත සිරිකුමාර 'රිවර්ස්ටන්' (Riverstone) චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ දී (Malaysia International Film Festival) හොඳම සහාය නළුවාට හිමි අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුණා.

  • සිංහල සාහිත්‍ය වංශ වැලිතලාවෙන් යට කළ නොහැකි ගත්කතුවර වැළිහිඳ මුනිරත්න

    සිංහල සාහිත්‍ය ඉතිහාසය විමසා බැලීමේ දී එහි වර්ධනය සම්භාව්‍ය සාහිත්‍යය, නවකතාව, කෙටිකතාව සහ කවිය යනාදි ප්‍රධාන ධාරාවලින් පමණක් සමන්විත වූවක් නොවේ. නො එසේ නම්, සාහිත්‍යයක් ජීවමාන සංස්කෘතික ක්‍රියාවලියක් බවට පත්කරන්නේ එහි උසස් සාහිත්‍ය කෘති පමණක් නොවේ. සාමාන්‍ය ජනතාව ගේ පරිකල්පන අවදි කළ, ඔවුන් ගේ කියවීමේ රුචිය හැඩගැස්වූ සහ පොත් වෙළෙඳපොළ තුළ විශාල සංසරණයක් ඇති කළ ජනප්‍රිය ප්‍රබන්ධ ද සිංහල සාහිත්‍ය ඉතිහාසයට එක්විය යුතුය.

  • සිහින කතන්දර එපා; ඇත්ත විසඳුමක් දෙන්න - පුබුදු ජයගොඩ

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවසූ බහුතරයක් බොරු බැවින් සහන පැකේජයක් බඳු බොරු සිහින කතන්දරවලට එහා ගිය ඇත්ත විසඳුමක් මේ මොහොතේ ජනතාවට අවශ්‍ය යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

  • සී.ඩී. වික්‍රමරත්නට වෙඩි වැදුණු පිස්තෝලය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

    හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වෙඩි වැදුණු බවට සැක කෙරෙන මිලිමීටර් 9 පිස්තෝල වර්ගයේ ගිනි අවිය, ඊට භාවිත කර ඇති පතුරම්වල කොපු සහ මෙම අපරාධයට අදාළ අනෙකුත් සියලු ම නඩු භාණ්ඩ එළැඹෙන 28 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට අද (20) නියෝග කළේ ය.

  • සීතාවක ආනමඩුව පුංචි සභා අවුල ලිහීම නීතිපතිට

    සීතාවක සහ ආනමඩුව ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීමේදී මතුව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් මත විමසීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න  පැවසීය.

  • සීනි සමාගමේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක ඉල්ලා අස්වෙයි!

    ලංකා සීනි සමාගමේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇත. වත්මන් රජය යටතේ සීනි සමාගමට පත් කරන ලද දෙවන සභාපතිවරිය වූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර සහ ප්‍රධාන විධායක නිලධාරිනි දීපිකා ගුණතිලක මෙසේ ඉල්ලා අස්වී තිබේ.

  • සීලරතන හිමිගෙන් ආණ්ඩුවට කනේ පහරක් (වීඩියෝ)

    ඉෂාරා සෙව්වන්දි තවමත් සැකකාරියක් පමණක් වන බැවින් ඇගේ නාඩගම නවතා රටේ සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරන්නැයි බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ආණ්ඩුවට පවසති.

    එමෙන් ම ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු සෙව්වන්දි පිළිබඳ කරණ ඇගයීම්වලින් ලජ්ජාවට පත්වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බව ආණ්ඩුවේ ඇමතිකම් දරනා ආචාර්ය, මහාචාර්යවරුන්ට නොදැන්නේ දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.

  • සුගත් තිලකරත්නට කඩුලු මතින් දුවන්න දීලා !

    ක්‍රීඩා නියෝජ්‍ය ඇමති ධූරය දරණ ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු පදක්කම් ලාභී ධාවන ශූර සුගත් තිලකරත්නව තමන් සහභාගි වන හා සංවිධානය කරන කිසිදු කටයුත්තකට සම්බන්ධ කර නොගැනීමේ ප්‍රතිපත්තියක් සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා ඇමතිවරයා විසින් අනුගමනය කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා වේ.

  • සුගීශ්වර රෝහල් ගත කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ධූර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් කටයුතු කරමින් රුපියල් කෝටි 22 අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම කළ බවට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුගීෂ්වර බණ්ඩාර යන අයගේ අසනීප තත්ත්වයයෙන් පසුවන බැවින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රතික්ෂේප කළේ ය.

  • සුගීෂ්වරට අදත් ඇප නෑ

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් රජයේ මුදල් රුපියල් කෝටි 22ක මූල්‍ය අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සුගීෂ්වර බණ්ඩාර මහතා ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) ප්‍රතික්ෂේප කළේ ය.

  • සුදත්ත තිලකසිරිට කොන්දේසි සහිත වාරණ අඥාවක්

    බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි ට අපහාසයක් වන අන්දමේ අසත්‍ය, ද්වේෂ සහගත වීඩියෝ, ඡායාරූප සහ ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වමින් යු ටියුබ් නාලිකා ක්‍රියාකාරි සුදත්ත තිලකසිරිට කොන්දේසි සහිත වාරණ අඥාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍යය (24) නිකුත් කළේ ය.

  • සුනිල් සෙනවි පැත්තකින් තියමු; සංස්කෘතික ඇමැතිය අල්ල ගමු

    හිනිදුම සුනිල් සෙනවි කියන්නෙ මාලිමා ආණ්ඩුවේ සංස්කෘතික ඇමැති. ඔහු මගේ සීනියර් අයිය කෙනෙක්. ඔහු දක්ෂයෙක්. කිසියම් වූ නිශ්චිත අරමුණක් වෙනුවෙන් අප්‍රතිහත කැපවීමක් දක්වන ගේම් අත නොහරින කෙනෙක්. ඔහුගෙ වැඩ මාර නීට්.

  • සුපිළිපන් සතියට සමඟාමීව අධිකරණ අමාත්‍යංශයේ වැඩසටහන් රැසක්

    “සුපිළිපන් සතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන සුපිළිපන් සතිය මෙම මස 27 වන දින සිට 31 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද (27) පැවැත්විණි.

  • සුමතිපාලලාට එරෙහි ව චන්ද්‍රන් රත්නම් නඩු මගට; ‘රිසානා’ ප්‍රදර්ශනය තහනමට..

    මීට පෙර ‘Rizana: A Caged Bird’ ලෙස නම්කර තිබූ, වර්තමානයේ ‘Rihanna’ ලෙස නම්කර ඇති චිත්‍රපටය ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ සහ සම-නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් ගේ අවසරයකින් තොරව: ප්‍රදර්ශනය කිරීම, නිකුත් කිරීම, බෙදාහැරීම, විකාශය කිරීම, විකිණීම හෝ වෙනත් කිසිදු ආකාරයකින් වාණිජමය වශයෙන් භාවිත කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහා අධිකරණය විසින් ජගත් සුමතිපාලට සහ සුමති ස්ටුඩියෝස් ආයතනයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.

  • සුරා බදු නොගෙව්වොත් වැඩ වරදී

    සුරා බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න