ලංකාවේ සමාජ මාධ්‍ය තුළ බොහෝ විට සිදුවන්නේ හොඳ නොවන බවත්, එමෙන් ම බහුතරයක් දෙනා ඒ ''හොඳ නොවන'' දෑ ''හොඳ'' ලෙස සලකන බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැවසී ය.
සමාජ මාධ්‍ය හෝ දේශපාලන වශයෙන් කිසිවකු මර්දනය කිරීමට හදිසි නීතිය අතට ගැනීමට කිසිම උපදෙසක් ලබාදී නැතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පැවසීය.
පුරවැසි පරපුර නිසි දැනුවත්භාවයක් නොමැති බැවින් සමාජයක් ලෙස අප දැනුමින් සවිබල ගැන්වූ සමාජයක් බවට පත්විය යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
1971 සහ 1989 වසරවල දී මෙරට සමාජවාදී පාලනයක් උදෙසා තරුණ ජීවිත දහස් ගණනක් බිලිදුන් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), අද වන විට බලය වෙනුවෙන් තම ප්‍රතිපත්ති මෙන්ම රටේ අනාගතය ද පාවා දී ඇත.
සිරස සුපර් ස්ටාර් වේදිකාවෙන් ජනතාවගේ හදවත් දිනාගත් ආදරණීය ගායන ශිල්පී රුක්මන් අසිත අද අප අතරින් සදහටම සමුගෙන ගොස් ඇති පුවත මහත් සංවේගයක් දනවයි.
විමල් වීරවංශ ගේ සොහොයුරා සරත් විරවංශ ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන ජූලි 28 තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 22 නියෝග කරයි.
ඊයේ පාර්ලිමේන්තුවේ පැවති උණුසුම් වාතාවරණය මැද දිලිත් ජයවීර ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නම කියා විමසූ එක් ප්‍රශ්නයක් සභාගැබේ සිටි බොහෝ දෙනෙකුට ප්‍රහේලිකාවක් විය.
බදුල්ල දිස්ත්‍රික්කයේ සර්වජන බලය සංවිධායක ලෙස වසන්තසිරි පුෂ්පකුමාර නිල වශයෙන් පත් කර ඇත.
ශ්‍රී ලංකාව අද මුහුණ දෙමින් සිටින්නේ නූතන ඉතිහාසයේ කිසිදා පෙර නොවූ විරූ අර්බුදයකට ය. මෙය හුදෙක් පෙර අර්බුද මත තවත් අර්බුදයක් ගොඩගැසීමක් පමණක් නොවේ. එය නිදහසින් පසු මේ රට මුහුණ දුන් ඕනෑ ම දෙයකට වඩා ගැඹුරු, පුළුල් සහ අතිශය භයානක තත්ත්වයකි.
ලබන බ්‍රහස්පතින්දා, නොවැම්බර් 21 වන දින, විපක්ෂය නුගේගොඩදී රැලියක් පවත්වයි. සෑම ප්‍රධාන පක්ෂයක්ම එහි සිටිනු ඇත. එකක් හැර. සර්වජන බලය එයට එක් නොවනු ඇත.
පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් එම ක්‍රියාකාරකම් ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
යහපාලන සමයේ මුදලට බොරු කියූ අය අද මහජන මුදල් වියදම් කර තමන් කියූ බොරු ඇත්ත යැයි ඔප්පු කිරිම සඳහා අධිකරණය, පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීමට උත්සාහ කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
හිටපු බුද්ධි අංශ නිලධාරි සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පැවසී ය.
තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් අද (04) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වුණා.
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට අයත් දුරකතන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන අද (1) නියෝග කළේ ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළා.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අන්තිමේ දී නීතීඥ උදය ගම්මන්පිල සිය නීතීඥ තනතුරෙන් එළවා දැම්මේ ය. මේ තරම් හොඳ කුණු අදින්නෙක් එළවා දැමුවේ ඇයි?
මාලිමා ආණ්ඩුව යටතේ පත්කර ඇති සභාපතිවරයා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කාර්යය මණ්ඩලයේ වර්ෂික ප්‍රසාද දීමනාව ඇතුළු අනෙකුත් පහසුකම් කපා දැමීමට එරෙහිව එම ආයතනයේ සේවකයින් අද විරෝධතාවක නිරත විය.
සංවිධානාත්මක අපරාධ නතර කරන්නේ ආණ්ඩුව විසින් පෝෂණය කරන සංවිධානාත්ම අපරාධ කණ්ඩායමක් ආරක්ෂා කිරිමට නම් ආණ්ඩුවෙන් පැන්වූ කන්ටේනර් දෙකේ කුඩු තිබෙන බව දැන දැන ම පන්නා ඒ පිළිබඳ විපක්ෂයේ අපෙන් විමසනවා නම්, කන්ටේනර් 323ක් පන්නා ඒය ද තමාගෙන් විමසනවා නම් මේ ආණ්ඩුව මොකටදැයි නාමල් රාජපක්ෂ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

