Image

සාගර ගේ ප්‍රකාශය පිළිබඳ ව පොලිසිය අධිකරණයට කරුණු දක්වයි

සාගර ගේ ප්‍රකාශය පිළිබඳ ව පොලිසිය අධිකරණයට කරුණු දක්වයි

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් 17661/2026 දරන නඩු අංකය යටතේ අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 24 වෙනිදා වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝග කර ඇත. එහිදී අදාළව විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර ඊට අධිකරණයේ අවසරය හිමිව ඇත.

සාගර කාරියවසම් ‍මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස්පති සම්බන්ධව සිදු කළ තර්ජනාත්මක ප්‍රකාශයක් පිළිබඳව සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලිසියට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මාධ්‍ය ආයතන 06කට නියෝග කර ඇත.

ඒ අනුව විමර්ශන සිදු කර ඉදිරි ක්‍රියාමාර්ගය ගන්නා බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

මූලාශ්‍ර - lankatruth.com

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න