රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ඉටුකිරීම ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවේ පළමු පියවර වන පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය, ප්‍රකාශ කළ පරිදිම අද දින උදෑසන 08.00 අවසන් කරන ලදී.
ඒ අනුව අද දින උදෑසන 08.00 සිට රෝහල් පද්ධතිය තුළ සාමාන්‍ය සහ දෛනික ප්‍රතිකාර සේවාවන් සියල්ල සුපුරුදු ලෙස ම ආරම්භ වනු ඇත.
සැලසුම් කරන ලද දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ග මාලාව අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ඉදිරි ක්‍රියාමාර්ගවල සැලසුම් සහ කාල රාමුව පිළිබඳ අද දිනයේ දී පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ විධායක සභා රැස්වීමේ දී තීරණය කරනු ඇත.
මාධ්‍ය කමිටුව - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
