ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන බවත්, ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපේක්ෂා කරන අතර, පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට මෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සම්පත බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් විජේසිංහ, අද තේරී පත් විය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙම වසරේ මේ දක්වා වූ කාලය තුළ රුපියල් බිලියන 1373.7ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ වෘත්තීයභාවය තවදුරටත් ඉහළ නංවමින්, මාධ්‍ය වෘත්තිකයින් සඳහා පිළිගත් වෘත්තීය ප්රමිතීන් ස්ථාපිත කිරීමේ අරමුණින් සකස් කරන ලද ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම මැයෙන් ආණ්ඩුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එය මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත. ඒ අනුව එය සම්මත වීමෙන් පසු රටේ නීතියක් බවට පත්වනු ඇත. එම නීතිය සංශෝධනය කිරීමේ හා එම නීතිය යටතේ රීති හැදීමේ බලය බලයේ සිටින ආණ්ඩුවලට හිමිවනු ඇත.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ 2026/2027 කාලය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමේ නිලවරණය සඳහා නාමයෝජනා ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු නව නිලධාරී මණ්ඩලය සහ කමිටු සාමාජිකයින් නිතරගයෙන් පත් වුණි.
ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය විසින්, 2025 දෙසැම්බර් 12 වැනි සිකුරාදා දින, ඉතාලියේ රෝමයේදී, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම, විධිමත් ලෙස, අලුත් කරන ලදී.
ඇමරිකාව සහ ලංකාව අතර නොවැම්බර් 14 වැනිදා අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ගේ සංචාරය සහ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකාවේ පශ්චාත් සුළි කුණාටු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අයහපත් අතට හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අනතුරු ඇඟවීමක් කර තිබේ.
ශ්‍රී ලංකාව ජනරජයක් වූ පසු අපිට ලැබුණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි යැයි මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම පැවසුවා ය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ යුරෝපා සංගමයේ සහාය ඇතිව,
සිය ප්‍රථම ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය දියත් කිරීමත් සමග, ජාතික ආහාර පාලන පද්ධතිය ශක්තිමත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. මෙම ප්‍රතිපත්තිය විසින් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අවදානම මත පදනම් වූ සහ මනා ලෙස සම්බන්ධීකරණය කරන ලද ප්‍රවේශයක් අනුගමනය කරයි. මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම, ආහාර පද්ධති ශක්තිමත් කිරීම සහ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා මෙමගින් පරිපූර්ණ සැලසුමක් සපයයි.
අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සහන සේවා සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ නේවාසික එක්සත් ජාතීන්ගේ නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ පොරොන්දු වී තිබේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ඛණිජ සම්පත් ගවේෂණය, කැණීම් සහ නිස්සාරණය ඉන්දියානු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සමාගම්වලට පවරාදීම සඳහා රහසිගත අවබෝධතා ගිවිසුමක් සකස් වෙමින් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ (NFP) නායක විමල් වීරවංශ චෝදනා කළේ ය.
"ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම" (National Productivity Master Plan ) එළිදැක්වීම සහ ආසියානු ඵලදායිතා සංවිධානය විසින් ශ්‍රී ලංකාව වෙත ඵලදායිතා විශේෂඥයින් සඳහා වන ප්‍රතීතන සහතිකය (Accreditation certificate for productivity specialists) පිරිනැමීම අද (20 දා) කොළඹ දී සිදු කෙරිණ.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය රාජකාරි භාර ගැනීම සඳහා එක්සත් ජනපද තානාපති ලෙස නම් කර ඇති එරික් මයර් මහතා 2026 අගෝස්තු 22 වන දින සන්ධ්‍යාවේ කොළඹට පැමිණියේ ය.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික උපදේශනවල සිව්වන වටය 2026 අගෝස්තු මස 03වන දා මස්කට්හි දී සාර්ථකව පැවැත්විණි. ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ වෙළෙඳාම, ආයෝජන, ඩිජිටල්කරණ, සම්බන්ධතාව, නවෝත්පාදන සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය යන ක්ෂේත්රවල සහයෝගීතාව සඳහා නව මාර්ග හඳුනා ගැනීමට මෙම ද්විපාර්ශ්වික උපදේශන වැදගත් වේදිකාවක් සැපයී ය.
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පැවැති දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවන වටය 2026 ජුනි මස 9වන දා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න සහ ප්‍රංශ ජනරජයේ යුරෝපය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියාව සහ ඕෂනියා අංශයේ අධ්යක්ෂ බෙනොයිට් ගීඩේ යන අය විසින් මෙම සාකච්ඡාවල සම සභාපතිත්වය දරනු ලැබිණි.
ලිතුවේනියා ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී 2026 වසරේ අගෝස්තු මස 20 වැනි දිනට වසර 30ක් සපිරෙයි. මෙම සුවිශේෂී සන්ධිස්ථානය, දෙරට අතර දශක තුනක් පුරා වර්ධනය වූ මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය, ඵලදායී සම්බන්ධතා සහ වැඩිදියුණු වෙමින් පවතින සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට ඉමහත් පිටුවහලක් වනු ඇත.
ඩොලර්-ආධිපත්‍ය වෙළෙඳ ගනුදෙනු පියවීමේ ක්‍රමයෙන් තීරණාත්මක ලෙස ඉවත් වෙමින්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ශ්‍රී ලංකාව සහ චීනය අතර වාණිජ කටයුතු විධිමත් කිරීම සඳහා සෘජු රෙන්මින්බි (RMB) ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට මුලපුරා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

