වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු සියලු දෙනාගේ මන්ත්‍රීධූර අහෝසි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (10) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ චාමර සම්පත්...
අපි ඒ හැම දෙනාට ම ඒහෙිව නීත්‍යානුකූලව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරනවා.''
හොඳ දේවලට රජයට සහයෝගය දෙනවා
ජ්‍යෙෂ්ඨ උප සභාපති විජයදාස රාජපක්ෂ පැවසුවේ රජය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි. ඒ වෙනුවෙන් පක්ෂය ගම් මට්ටමින් ප්‍රතිසංවිධානය කරමින් සිටින බවත් රජය ගෙනෙන ඕනෑම හොඳ දේකට සහයෝගය ලබාදෙන අතර වැරදි දෙයට අපි පක්ෂයක් හැටියට පෙනී සිටින්න කටයුතු කරන බවත් හෙතෙම පැවසී ය.
අපි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සූදානම් වෙනවා
පක්ෂය නැවත ආරම්භ කිරීමට කටයුතු කතරමින් සිටින බවත්, ඉදිරියේ දී ගම් මට්ටමින් ක්‍රියාත්මක කර පක්ෂය නැවත ප්‍රතිසංවිධානය ආරම්භ කර, එළඹෙන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සුදානම් වන බවත් මහින්ද අමරවීර පැවසී ය.

