වත්මන් රජය මෙතෙක් කරන ලද කටයුතුවලින් රටේ ගොවි ජනතාව, ධීවර ප්‍රජාව,මෙන්ම කම්කරු ජනතාවගේද අනාගතය අනතුරේ හෙලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
විශේෂයෙන් කම්කරු ජනතාවගේ සුභ සාධනයසඳහා තම පියා කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ආරම්භ කරන ලද ශ්‍රම වාසනා අරමුදල වසා දැමීමට රජය ගනු ලැබු අමනෝඥ තීරණය රටේ සමස්ත කම්කරු ජනතාවටම එල්ල කරනලද බරපතල ප්‍රහාරයක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මෙම ආයතනය වසා දමන්නේ එය පාඩු ලබන බවට අසත්‍ය තොරතුරක් ජනගත කරමින් බව පැවසූ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් රජයට තම බලවත් විරෝධය පළ කරන බව ප්‍රකාශ කළේය.
රාජපක්ෂවරුන් ඇති කරන ලද මෙවැනි ජාතික සම්පත් අනාගත පරපුරට දායාද කරනවා වෙනුවට පදනම් විරහිතව ඈවර කිරීමෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ පටු පරමාර්ථ ඉටු කර ගැනීම ජාතියේ අවාසනාව බවද පැවසීය. මෙබඳු ජාතික ආයතනවලින් පළිගැනීමට ක්‍රියා කරන වත්මන් රජයට අබ සරණ ප්‍රාර්ථනා කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
( lankalokaya)

