විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.එම්.එම්.හිල්මි නමැත්තා ලබන (09) දක්වා රක්ෂිත බන්ධනාගාරත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (25) නියෝග කළා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට පුහුණුවක් ලබාදීම සඳහා ආයතනයක් තෝරා ගැනීමට ලංසු කැඳවීමේදී ජේ.එස්.එෆ් හෝල්ඩින් නමැති ආයතනයක් තෝරා ගැනීම සඳහා වාසි වන ආකාරයට වාර්තාවක් සකස් කරන ලෙස එම කාර්යාංශයේ හිටපු පරිපාලන හා මානව සම්පත් නිලධාරීවරයාට බලපෑම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
එම කාර්යාංශයේ නිලධාරීන්ට පුහුණුව ලබා දීම වෙනුවෙන් තම ආයතනය තෝරා ගැනීමට ජේ.එස්.එෆ්. හෝල්ඩින් නමැති ආයතනයේ හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පුද්ගලික ලේකම් වන ශාන් යහම්පත් නමැත්තාට රුපියල් පනස් තුන් ලක්ෂ එක් දහස් දෙසීයක මුදලක් ලබා දී ඇති බවත් එම මුදලින් රුපියල් ලක්ෂ 43ක් ඔහුගේ පුද්ගලික පරිහරණයට ගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්විය.
ශාන් යහම්පත් නමැත්තා මෙම සිද්ධියේ පළමු සැකකරු වන බවද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට අප මත මුදාහැර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එහිදී සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන විමර්ශන නිලධාරීන් කියා සිටියේ, පොදු දේපළ පනත යටතේ වරදක් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
