පසුගිය කාලය තුළ විවිධ හේතූ මත මෙරට රාජ්‍ය සේවය අතහැර විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්ට නැවැත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විදේශගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් විශේෂ ඉල්ලීමක් කළේ ය.
අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ පසුගිය දා එක්සත් රාජධානියේ සිදු කළ සංචාරය අතරතුර එරට මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වෛද්‍යවරුන්ගේ හමුවක් අමතමිණි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා...
සියලු පහසුකම් සපයනවා; නැවත එන්න
''ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා. එබැවින් මෙරටින් බිහි වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව මේ අවස්ථාවේ මෙරටට අත්‍යාවශ්‍ය යි. විශේෂයෙන්ම පවතින ආර්ථික හා සමාජ වටපිටාව තුළ විශේෂඥ වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවෙනවා. ඒ සඳහා විශාල කැපකිරීමක් සිදු කළ යුතු යි. මෙරටින් බිහි වූ විශේෂඥ වෛද්‍යවරුන්ට මේ අවස්ථාවේ සිය සේවාව මවුරටට ලබාදීමේ යුතුකමක් පවතිනවා. විවිධ හේතුන් මත පසුගිය කාලයේ විදේශගත වූ ශ්‍රී ලාංකීය විශේෂඥ වෛද්‍යවරුන් නැවත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් සියලු සේවා පහසුකම් සහිතව නැවත ඔවුන් අදාළ ශ්‍රේණිවලම පිහිටු වීමට කටයුතු කළ හැකියි; ඒ වගේ මඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට ක්‍රියාකරනවා.''
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) ආරාධනයෙන් එක්සත් රාජධානියේ පසුගිය දා කළ සංචාරය අතරතුර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම වෛද්‍ය හමුව සංවිධානය කළේ ය. මෙම වෛද්‍ය හමුව සඳහා එරට වෙසෙන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු එම ක්ෂේත්‍රයේ නිරත විශාල පිරිසක් එක්ව සිටියහ.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) ආරාධනයෙන් එක්සත් රාජධානියේ සිදු කළ සංචාරය සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට: කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් සහ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න යන යන අය ද ඇතුළත් වූහ.
(දීප්ති විජේතුංග)


