විදෙස් ප්‍රේෂණ වාර්තාවකට සැරසෙයි

විදෙස් ප්‍රේෂණ වාර්තාවකට සැරසෙයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් මෙරටට සිදුකරන ප්‍රේෂණවල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ නොවැම්බර් මාසයේ අවසානය වන විට රුපියල් කෝටි 215,910 (ඇමෙරිකානු ඩොලර් මිලියන 7, 197.1) ක විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වසරේ අවසානය වනවිට මෙරට ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ වටිනාකම වාර්තා කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළකරයි.

පසුගිය 2024 වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 6, 575.4ක විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන අතර මේ වසරේ නොවැම්බර් මාසයේ අවසානය වනවිට විදෙස් ප්‍රේෂණ වටිනාකම කැපීපෙනෙන ලෙස වර්ධනය වෙමින් අමෙරිකානු ඩොලර් මිලියන 7, 197.1ක අගයක් වාර්තා කර තිබෙන බව ද මහ බැංකුව සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න