Image

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණය තුළ විදුලිබිල අඩුකිරීම සඳහා වැඩපිළිවෙලක් අපට තියෙනවා - බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණය තුළ විදුලිබිල අඩුකිරීම සඳහා වැඩපිළිවෙලක් අපට තියෙනවා - බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක

පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් සහ ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් ජනන වියදම අඩුකිරීමෙන් ඉදිරියේ දී විදුලිබිල අඩුකිරීමට ක්‍රියාත්මක කරන සැලැස්මක් සහ වැඩපිළිවෙළක් රජය සතුව ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (15) විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අනුව ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑම තෝරාගත් සේවකයින්ට මූල්‍ය වන්දි ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.

එම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.....

''විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපි බලාපොරොත්තු වුණු ප්‍රධාන කරුණු කීපයකින් එකක් තමා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම. ඒ අනුව පාරිභෝගිකයාට උසස් සේවයක් ලබාදෙන ආයතන බවට අලුතින් පිහිටුවන ආයතන පත් කරමින් ප්‍රතිව්‍යුහගතකරණයෙ දී රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව ඉෂ්ට කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ තුළ සේවකයින්ට දුන්න පොරොන්දු ඒ විදියහට ම ඉෂ්ට කරන්නත් මේ වෙන කොට අපට පුළුවන් වෙලා තියෙනවා. අද විශ්‍රාම වන්දි දීමනා ලබන ඔබ සියලු දෙනා ගේ ම බලාපොරොත්තු, සුභ සිහින ඒ විදිහටම ඉෂ්ට වේවා කියලත් මා ප්‍රාර්ථනා කරනවා...!"

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන ලංවිම සේවකයින් 1898 දෙනකු වෙනුවෙන් මූල්‍ය වන්දි ලබාදීම සම්බන්ධ වැඩසටහන අද (15) දෙහිවල EDL D4 ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, විදුලිබල අනුප්‍රාප්තික ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්

IMGL1199

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න