සමහරු වසාදමා තිබෙන නිවස්වලටත් වන්දි ඉල්ලන බවත් එයින් ගෙවීම් කටයුතු ප්‍රමාද වන බවත් එය රාජ්‍ය නිලධාරීන්ගේ වරදක් නොවන බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ පැවැසීය.
“ඇතැම් පුද්ගලයන් වසා තිබෙන නිවෙස්වලටත් වන්දි ඉල්ලනවා. ඒ ගැටලුත් අපි පියවරින් පියවර විසඳනවා. එවැනි අවස්ථාවල රාජ්‍ය නිලධාරීන්ට යම් ප්‍රමාදයක් වෙනවා. ඒ සොයා බැලීම් සිදුකරන්න ඕනෑ නිසා. වන්දි ගෙවීමට චක්‍රලේඛවල කිසිම ප්‍රශ්නයක් නෑ. රාජ්‍ය නිලධාරීන් තමන්ගේ වගකීම හරියටම කරනවා. විශාල ව්‍යවසනයක් වෙලා තියෙද්දි අපි රජයක් ලෙස වන්දි ගෙවීම්වල කොටසක් මේ වන විටත් ලබාදී තිබෙනවා. කුඹුරු වැඩත් නැවත ගොවීන් ආරම්භ කර තිබෙනවා.
විපක්ෂය කියන්න දෙයක් නැති වුණාම විවිධ මත ගේනවා. දැන් ඒ අය ආධාර මත එල්ලෙන්න හදනවා. ආහාර සුරක්ෂිතතා කමිටුවේදී අපි සාකච්ඡා කළා පවතින මේ තත්ත්වය හමුවේ අස්වැන්න අඩුවීම ගැනත්. අපට දැනෙන අයුරින් කීරි සම්බා සහ සම්බාවල නැවත වගා නොකළොත් හිඟයක් ඇතිවෙන්න පුළුවන් කියන එක.'' යයි
හෙතෙම පැවසීය.

