පවතින වටපිටාව එතරම් යහපත් නොවන බැවින් නොපමාව පෞද්ගලික මට්ටමින් හෝ ආරක්ෂාව සපයාගන්නයි විදෙස් තානාපති නිලධාරීන් කිහිපදෙනෙකුම හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.
නාදුනන සන්නද්ධ පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකින් වැලිගම නගරාධිපති ඝාතනය වීමේ සිද්ධියෙන් පසු විදෙස් රාජ්‍යතාන්ත්‍රීකයින් කිහිපදෙනෙකුම ටිරාන් අලස්වෙත පෞද්ගලික මට්ටමින් මෙම දැනුම්දීම කර ඇතැයි පැවසේ.
මහජන ආරක්ෂක ඇමතිවරයාව සිටියදී සිදුකරනු ලැබූ 'යුක්තිය' මෙහෙයුම හේතුවෙන් ටිරාන් අලස් මහතා මත්ද්‍රව්‍ය ජවාරම්කරයින්ගේ හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින්ගේ ජිවිත තර්ජනයට ලක්ව සිටින බවට ආරක්ෂක මණ්ඩල විසින් කරතිබූ නිර්දේශමත ඔහුට STF ආරක්ෂාවක් ලබාදී තිබිණ. කෙසේවුවද පසුගියදා ඔහුවෙත ලබාදී තිබු STF භටයින් 06 දෙනා විශේෂ නියෝගයක් මත වහාම ඉවත්කර ඇත. වාර්තාවන අන්දමට ඔහුට මේවනවිට රජයෙන් කිසිඳු ආරක්ෂාවක් ලබාදී නොමැත.

