Image

වසර 43කට පසුව නෑ හිතමිතුරන් හමුවී කඳුළු සැලූ මොහොතක්..

වසර 43කට පසුව නෑ හිතමිතුරන් හමුවී කඳුළු සැලූ මොහොතක්..

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ දැඩි ඒකාධිපති පාලනයක් ගොඩනැගෙමින් තිබූ  පසුබිමක 1983 කළු ජූලිය නිර්මාණය කර, අහිංසක දෙමළ පුරවැසියන් දහස් ගණනක් මරා දමා දේපොළ කොල්ලකා ගිනිබත් කර, වසර 43ක් සම්පූර්ණ වී තිබේ.

ආණ්ඩුවේ අනුග්‍රහය ලද සංවිධානාත්මක මැර පිරිස් සහ ඝාතක කණ්ඩායම් ඡන්ද හිමි නාම ලේඛන අනුව ගොස් දෙමළ ජනතාවට එරෙහිව මර්දනය දියත් කළහ. එම මර්දනයේ දී විශේෂයෙන්ම මෙරට සිනමා ක්ෂේත්‍රයට සුවිශේෂී කඩඉම් සටහන් කර දුන් සිනමා ශාලා මෙන්ම චිත්‍රාගාර ද ගිනි තබා විනාශ කළහ. එමෙන්ම චිත්‍රපට ගණනාවක් ගිනි තැබූහ.

ඊට අමතරව කේ. වෙන්කට් නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා පණ පිටින් පුලුස්සා මරා දැමිණි. ශ්‍රී පතුල නම් සිනමා කෘතිය අධ්‍යක්ෂණය කළේ ද කේ. වෙන්කට් ය. මොහිදීන් බෙග් ගායනා කරන “සකල සගම බොදු බැතියෙන්” සහ “මිනිසාමයි ලොව දෙවියන් වන්නේ - මිනිසාමයි ලොව තිරිසන් වන්නේ” යන ගීතය එම චිත්‍රපටයට ඇතුළත් වේ. කරුණාරත්න අබේසේකර ලියූ මෙම චිත්‍රපට ගීත සංගීතවත් කරන ලද්දේ, එම්.කේ. රොක්සාමි විසිනි.

K. Venkat 2026.07.19 1

 

කේ. වෙන්කට් නම් සිනමාකරුවා ඝාතනය කර, වසර 43කට පසුව අනුස්මරණය කිරීමේ උළෙලක් පසුගිය 22වන දා ජාතික තරුණ සේවා සභාවේ දී පැවැත්විණි.

753551185 1577361123776558 1895564362921131363 n

එම උළෙලේ විශේෂ ආරාධිතයන් ලෙස කේ. වෙන්කට් ගේ පවුලේ මෙරට රැඳී සිටින සමීපතමයින් සහ හිතමිතුරන් වන රජේන්ද්‍ර කුමාර්, එස්. නීලම්බල්, රාමසාමි බාබු හෙඩ්ඩියාර්, ජී. කේසවන් හෙඩ්ඩියාර්, චන්ද්‍රකලා, මහේෂ්වරී, ජී. චන්ද්‍රසේගරම්, බී. ශ්‍රී වෙන්ගදේශ, සීතාරාම් සහ රාමජයම් යන පිරිස එක්ව සිටියහ.

WhatsApp Image 2026 07 24 at 2.24.09 PM 1

වසර 43කට පසුව තම ඥාතියා සැමරීමට අවස්ථාව ලැබීම පිළිබඳව කඳුළු පිරි දෙනෙතින් උපහාර පුදනු ලැබී ය. නිතිඥ සුපුන් විශ්ව බුද්ධි, ''Sanday Sill - Manday kill'' නම් වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර තිබූ අතර, එය එම උළෙලේ දී ප්‍රදර්ශනය කෙරිණි. නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ ජාතිවාදී හෝ ආගම්වාදී බේදකිරීම්වලට ඉඩ නොතැබිය යුතු බව විශේෂයෙන්ම අවධාරණය කළේ ය.

ශ්‍රී ලාංකීය සිනමාවේ කේ. වෙන්කට් අධ්‍යාත්මය යන තේමාවෙන්  ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ, ප්‍රවීණ සංනිවේදක දිලීප අබේසේකර සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිතුමිණ රත්නමලල අදහස් දැක්වූහ. ශ්‍රී පතුල චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ සුවිනීතා වීරසිංහ ජ්‍යෙෂ්ඨ රංගල ශිල්පිනිය මෙම අවස්ථාවට සහභාගීවී කේ. වෙන්කට් පිළිබඳව මතකය ආවර්ජනය කිරීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. 

 

WhatsApp Image 2026 07 24 at 2.24.08 PM

WhatsApp Image 2026 07 24 at 2.24.03 PM

754278212 1577361560443181 6470238396600164419 n

754159969 1577361630443174 9013638677862444501 n

753702693 1577361760443161 2438791573074451477 n

WhatsApp Image 2026 07 24 at 2.24.09 PM

WhatsApp Image 2026 07 24 at 2.24.02 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න