පුද්ගලයකු අධ්‍යාන මට්ටමෙන් ඉහළ යන විට එම පුද්ගලයා සමාජය ඉදිරියේ බොරු නොකියන්නේ යැයි මතයක් පැවතිය ද මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ වැඩි ම සහ ලොකු ම බොරු පවසා ඇත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ලොව විශාලතම ජාත්‍යන්තර නාට්‍යය උළෙල දෙක ලෙස එඩිංබරෝ ජාත්‍යන්තර නාට්‍ය උළෙල හා නවදිල්ලි ජාත්‍යන්තර නාට්‍ය උළෙල හෙවත් භාරත් රන් මහෝත්සව් උලෙළහි ප්‍රදර්ශනය කිරීම සඳහා ලංකාවේ නාට්‍ය දෙකක් තෝරාගෙන ඇත.
මේ වන විට ඇමරිකන් හෙජමනිය අවසන්ව පැවතිය ද සමස්ත ලෝකයේ ම ආර්ථිකය පවතින්නේ ඩොලරය මත බැවින් එය වෙනස් විමට හෝ වෙනස් කිරීමට සෑහෙන කාලයක් ගතවනු ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ගෝලීය පොහොර අවශ්‍යතාවෙන් 35%ක් පමණ ප්රවාහණය කරන්නේ හෝමූස් සමුද්‍රසන්ධිය හරහා වන අතර මීට අමතරව යූරියා ඇතුළු නයිට්‍රිජන් පොහොර සම්බන්ධ ප්‍රවාහන කටයුතුවලින් 35%ක් පමණ සිදුවන්නේ ද හෝමූස් සමුද්‍රසන්ධිය හරහා යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසී ය.
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය (World Artificial Intelligence Cooperation Organization – WAICO) පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29ක් අත්සන් තබා තිබෙනවා.
ලෝක ප්‍රකට ඇමෙරිකානු කන්ට්‍රි සංගීත ශිල්පිනියක (Queen of Country Music) මෙන්ම ගීත රචිකාවක වූ ඩොලී පාටන් (Dolly Parton) අභාවප්‍රාප්ත වී තිබේ.
ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (IDA) අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 150ක් දැවැන්ත වාහන මිලදී ගැනීමේ වැඩසටහනක් වෙත යොමු කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හරහා, සෞඛ්‍ය ක්ෂේත්රය තුළ දීර්ඝ කාලයක් තිස්සේ රහසක්ව පැවති සත්‍යයක් අනාවරණය වී තිබේ.
සුළි කුණාටුවෙන් දැඩිලෙස හානියට පත් ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, රුපියල් කෝටි 3,600 (අමෙරිකානු ඩොලර් මිලියන 120)ක මුදලක් ප්රදානය කිරීමට ලෝක බැංකුව එකඟතාව පළකර තිබේ.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් අද (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ලෝක මට්ටමෙන් විවිධ ආගමික පූජ්‍ය පක්ෂය වෙත එල්ල වී ඇති ළමා ලිංගික අපයෝජන චෝදනා සහ ඒ ආශ්රිත සිදුවීම් වර්තමාන ලෝකයේ දැඩි කතාබහට ලක්වන, අතිශය සංවේදී මෙන්ම බරපතළ සමාජයීය සහ නීතිමය ගැටලුවකි. විවිධ රටවල, විවිධ ආගමික සංස්ථා තුළ ක්‍රමානුකූලව සිදු වූ මෙම අපරාධ සහ ඒවා වසා ගැනීමට දැරූ උත්සාහ පිළිබඳව පසුගිය දශක කිහිපය තුළ නිල විමර්ශන, අධිකරණ ක්‍රියාමාර්ග සහ මාධ්‍ය අනාවරණ රැසක් සිදු වී තිබේ.
අලි-මිනිස් ගැටුමට තාක්ෂණික විසඳුමක් ලෙස වන අලින් ගේ සංචරණ රටා සෙවීමට 'Misavanah' නමින් නව මෘදුකාංගයක් සහිත විශේෂිත රේඩියෝ කරපටි (Radio Collars) පැලඳවීමට නව වැඩපිළිවෙළක් අරඹයි.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේ දී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වා ගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව එළැඹෙන ඔක්තෝබර් 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (22) නියම කළේය.
පොදු කෞතුකාගාර හා විශ්වවිද්‍යාල කලා කෞතුකාගාර වර්ගීකරණයෙන් දෙවර්ගයකි. විශ්වවිද්‍යාල කලා කෞතුකාගාර දෘශ්‍ය කලාවල ඉහළ නිර්ණායක, තීරණාත්මක ඓතිහාසික තත්ත්ව කලා කෘති විසින් නියෝජනය කිරීම මූලිකව විශ්වවිද්‍යාල අභ්‍යන්තර පාලනයෙන්, කලා කෘති එකතු කිරීමේ කළමනාකරණයෙන්, අභිරක්ෂණයෙන් සහ අධ්‍යාපන ප්‍රතිපත්ති මත තීරණය වන්නකි. කලා වස්තුවක් වීමට ද, පුරාවස්තුවකටමෙන් නිශ්චිත කාලයක ඉතිහාසක් අවශ්‍ය කෙරේ.
මැයි මාසය තුළ පමණක් බොරතෙල් බැරලයක මිල ඩොලර් 30 කින් හෙවත් 26% කින් අඩු වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසී ය.
අල්ලස් කොමිසමේ අත්අංගුවට පත්වූ හිටපු ලේකම් හා උපදේශක චරිත රත්වත්තේට ජේ.ආර්. - ප්‍රේමදාස යුගවල තිබූ කාඩ් එක හෙවත් අන්වර්ථ නාමය වූයේ ‘වැඩ කරන්නා’ යන්න ය.
ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර සහාය අඛණ්ඩව ලැබෙමින් පවතින බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දෙවන ලෝක යුද්ධයේ සිට මේ දක්වා පැවති ලෝක ව්‍යුහය මේ වන විට අවසන්ව ඇතැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ඉන්දියාව 50 දශකයේ ආදර්ශමත් මැතිවරණ කොමිසම් වැඩසටහනක් ආරම්භ කළත් ලෝකයේ සියලු ම ප්රජාතන්ත්රවාදී රටවල මැතිවරණ කොමිසම් අභිභවා ඉදිරියට ඒමට අප රටේ මැතිවරණ කොමිසමට හැකියාව ලැබීම ගැන සතුටු වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම සැලකෙන්නේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම බාරගැනීම බවත්, එය වැදගත් කරුණක් බවත්, මෙය: නොවැදගත්, සිල්ලර කරුණක් සම්බන්ධයෙන් සිදුවූවක් නොව භාර ධූර, උග්‍ර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමන් අතින් වරදක් හෝ දෝශයක් හෝ සිදුවීමේ වගකීම බාරගැනීම ඉල්ලා අස්වීමෙන් සංකේතාත්මකව සනිටුහන් කෙරෙන අතර ම මෙය විශාල පියවරක් යැයි ද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
වගා ආයෝජන මුවාවෙන් මහජනතාව නොමග යවමින් වාංචනික ලෙස මුදල් උපයන්නන්ට හසු නොවන්නැයි ද, තමන් මහන්සියෙන් හරිහම්බ කරගත් මුදල් ඔවුන් ගේ ගොදුරු බවට පත් වීමට ඉඩ නොතබන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහජනතාව ගෙන් ඉල්ලා සිටි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

