වහාම රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා ගේ ආරක්ෂාව තහවුරු කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වහාම රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා ගේ ආරක්ෂාව තහවුරු කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාට ලබා දිය යුතු ආරක්ෂාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (05) පාර්ලිමේන්තුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

''විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාව සම්බන්ධ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු නොකරන විට දිගින් දිගටම ප්‍රශ්න කිරීම විපක්ෂ නායකවරයා ලෙස මගේ වගකීමක්. රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාට ලබා දිය යුතු ආරක්ෂාව තවදුරටත් ක්‍රියාත්මක නොවන නිසා ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු යි. එබැවින් අනුරාධපුර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමාට හිමි ආරක්ෂාව ලබා දිය යුතු යි. මේවා අභ්‍යන්තර පක්ෂ ගැටලු කියා වෙනත් පැත්තකට යැවීමට රජය කටයුතු කරනවා. එතුමා සමග කිසිදු පක්ෂ ගැටලුවක් නොමැති නිසා එතුමාට හිමි ආරක්ෂාව ලබා දිය යුතු යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න