වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇති බවත්, මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි මට්ටමක පවතින බවත් වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සඳහන් කරයි.
ලාභ ලබන ලංගම ඩිපෝවල සේවකයින්ට බෝනස් සහ පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයින්ට දිමනාවක් ලබා දෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
වර්තමාන ආණ්ඩුව කරන්නේ විදුලිබල මණ්ඩලය කොටස් කර විකුණනවා යැයි පවසමින් ගිනි තියා ගැනීමට සුදානම් වූ පිරිසක් වුව ද ඔවුන් දැන් කරමින් සිටින්නේ ද එය ම යැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඊයේ දිනය වන විට දාහත් වසරකි. ඔහු ඝාතනය කරන්නට ආසන්න ම හේතුව වන්නේ එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරන ලද මිග් යානා ගනුදෙනුව පිළිබඳ කරුණු හෙළිදරව් කිරීම යැයි අදහසක් පවතී.
“හිතන දේ වෙන්නේ නැහැ – වෙන දේ හිතා ගන්න බැහැ” පාඨය ලාංකික මධ්යමානිකයන් දැඩිව ආකර්ෂණය කර ගැනීමට කාලීන හේතුවක් තිබේ.
මම මේ තාක් කියවා තිබෙන සිංහල නවකතා අතරින්, කියවන්නට මඳක් අභියෝගයක් වුණු කතාවක් ලෙස වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් හඳුන්වන්නට පුළුවන්. මෙහි ලේඛිකාව වන නදී වාසලමුදලිආරච්චි ගේ මම ප්‍රථමයෙන්ම කියවූ සාහිත්‍ය කෘතියද මෙය යි.
ලංකාවේ දේශපාලනය කරන විට ඒ සඳහා ස්ත්‍රීන් සම්බන්ධ කරගන්නේ නම් ඒ 'මල් පෝච්චි ක්‍රමය'ට මිසක ඉන් ඔබ්බට නොවිය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ආණ්ඩුවේ බලවත් අමාත්‍යවරයකු වන ලාල් කාන්ත ඊයේ (21) ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශ රටේ බෞද්ධ සම්ප්‍රදායට සහ
තමන් ගේ ආණ්ඩුව රැක ගැනීම සඳහා: රටේ සංස්කෘතිය, ආගමට දහමට, රටේ පවතින නීතියට පටහැනිව වුව ද ආණ්ඩුව කටයුතු කරන බව ලාල් කාන්තගේ කතාවෙන් වැටහෙන්නේ යැයි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.
අද (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධුපර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබෙළාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව වින්දිත වෛද්‍යවරිය ගෙන් වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් 19 වන දින සිදු කරන බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක නියෝග කළේ ය.
මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මාර්ගයෙන් සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන් ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
මෙවර මව්වරුන් ගේ දිනය හුදු සමාජ මාධ්‍ය සටහනකට හෝ සුබපැතුමකට පමණක් සීමා කර අමතක කර දැමීමට අපට නොහැකි ය. මන්ද, අපේ රට සිය මෑත කාලීන ඉතිහාසයේ වඩාත්ම තීරණාත්මක කාලපරිච්ඡේදයකට මුහුණ දී සිටින බැවිනි.
සංස්කෘතික ජීවිතයක අයිතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ හඬ නගන සහෘද ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් එක්තරා යූටියුබ් සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් සන්දර්භයෙන් ඉවතට ගෙන දක්වමින් ජනතා විමුක්ති පෙරමුණට පහර දෙමින් ඇත. එය ඔසවා ගෙන යන්නේ ආණ්ඩුවට එරෙහිව කැට කැබලිතිවලින් හෝ පහර දෙමින් ආණ්ඩුවේ ජනප්‍රිය භාවය බිඳ නැවත බලය ඩැහැගන්නට තැත් කරන පරාජිත විපක්ෂයේ පිරිස් ය.
ඊයේ පෙරේද දවසක ආණ්ඩුවේ "නානා" වැඩකරන බලවත් ඇමැති කෙනෙක් සහ වටගලක් නොවී මුල් ගලක් වෙච්ච උප ඇමති සයිස් මහත්තයෙක් ඊළඟට ඇතුළට දාන්න තීන්දු කරලා ඉන්න විපක්ෂයේ දේශපාලනඥයෙකු ගැන ලොකු කතාබහක් කරමින් හිටිය.
ආණ්ඩුවට ලබා දිය හැක්කේ උපරිම සහනය හාල් කිලෝ 20ක් රජයේ සේවකයින්ට ණයට දෙන එක පමණක් බවත්, යම් ආකාරයකින් ණය නොගෙව්ව හොත් බත් මුට්ටිය රැගෙන යැ හැකි බවත්, ඒ ජේවීපීයට නිවාසවලට පැන බත් මුට්ටි රැගෙන ගොස් පුරුදු නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී අද (30) පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලෙනින් පවා ද පුද්ගල ඝාතන දේශපාලන අවියක් ලෙස යොදාගැනීමේ වින්දිතයෙක් බවත් ඔහු ඒ එක් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස තදබලව ආබාධිත වූවා යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍ය නායකයකු වන ගෙවිදු කුමාරතුංග පැවසී ය.
ලෙබනනයේ නගර රැසක ජනතාවට ඉන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට වෙනස්කම් සිදුකරමින් පක්ෂ සභාපතිවරයාගේ හෝ නායකයාගේ අධිකාරිය සැළකිව යුතු ලෙස කප්පාදු කර ඇති බව පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

