Image

වර්තමාන ආණ්ඩුවට, දුර්වල මිනිස්සු ආරක්ෂා කිරීමේ වුවමනාවක් නැහැ - නන්දන වීරරත්න

වර්තමාන ආණ්ඩුවට, දුර්වල මිනිස්සු ආරක්ෂා කිරීමේ වුවමනාවක් නැහැ - නන්දන වීරරත්න

වර්තමාන ආණ්ඩුවට, දුර්වල මිනිස්සු ආරක්ෂා කිරීම සඳහා හැකියාවක් නැතුවා මෙන් ම අවශ්‍යතාවක් නැතැයි මාධ්‍යවේදී නන්දන වීරරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ 'ජන බලය' නව නිවේදනය ජනගතකිරීමේ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පහළගම සෝමරතන යනු ලන්ඩන් උසාවියකින් වසර හතක දඬුවමට ලක්වූ පුද්ගලයෙක් බවත් හෙතෙම ඒලෙස දඬුවමට ලක් වූයේ අවුරුදු 11 සහ 12 වයසේ දැරියන් දෙදෙනකු අපයෝජනය කිරීමේ වරදට බවත්, පහළගම සෝමරතනට වයස අවුරුදු 16ට අඩු දරු දැරයන් සමග ඇසුරු කිරීම ද තහනම් කළ බවත්, එබඳු චිවරධාරියකුගේ උපන් දිනයට උපන් දින සුබ පැතුම් යවන්නට තරම් අපේ ජනාධිපතිවරයා සහ අගමැතිවරිය දීන වී ඇතැයි ද නන්දන වීරරත්න වැඩි දුරටත් පැවසී ය.

මතු පළ වන්නේ නන්දන වීරරත්න දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න